08th October 2023 20:39:54 Hours
ලෝක ළමා දිනය නිමිත්තෙන්, ආරක්‍ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ සේවයේ නියුතු භටපිරිස් පරිත්‍යාගශීලීන්ගේ සහ දානපතියන්ගේ අනුග්‍රාහකත්වය මත කන්නඩුකේනි දමිළ මිශ්‍ර පාසල, කොක්කුතුඩාවි දමිළ පාසල, කෝකිලායි දමිළ පාසල සහ කෝකිලායි සිංහල මිශ්‍ර පාසල යන පාසල් වල අධ්‍යාපන කටයුතුවල නිරත අඩු ආදායම්ලාභී පවුල්වල දරු දැරියන් 201 දෙනෙකු වෙනුවෙන් පාසල් පාවහන් පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් පසුගිය අඟහරුවාදා (ඔක්තෝම්බර් මස 03) දින මුලතිව් විද්‍යානන්ද ජාතික විද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
උත්සව අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක සේනා ආඥාපති - මුලතිව් මේජර් ජෙනරල් එම්.කේ. ජයවර්ධන ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ සහභාගී වූ අතර, ගරු එස්.ජේ. සතිෂ් කුමාර් පියතුමා, කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍ය ප්‍රසාද් ලොකුබාලසූරිය මහතා, ‘IOC සමාගමේ’ මුල්ලියාවේලි කළමණාකරු සෙල්ලතම්බි දිලක්‍ෂන් සහ මුලතිව් ප්‍රදේශයේ දානපතියෙකු වන කේ. ජෝගේෂ්වරන් යන මහත්වරුන් පාසල් පාවහන් පරිත්‍යාග කිරීමේ වැඩසටහන සඳහා මුල්‍යමය දායකත්වය ලබාදුන්හ.
59 සේනාංකයේ සේනාංකාධිපතිතුමන් සහ 592 පාබල බලසේනාවේ බලසේනාධිපතිතුමන්ගේ උපදෙස් මත 592 පාබල බලසේනාව විසින් මෙම උත්සවය සංවිධානය කරන ලද අතර, 14 (ස්වෙච්ඡා) ගැමුණු හේවා බලකයේ භටපිරිස් සිය ශ්‍රම දායකත්වය ලබාදුන්හ.
උත්සව අවස්ථාවට 59 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩී.කේ.එස්.කේ. දොලගේ යූඑස්පී පීඑස්සී, යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසුනිලයන්, දෙමාපියන් සහ ගුරුවරුන් සහභාගී වූහ.