Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

08th October 2023 20:53:00 Hours

ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම භටපිරිස්හි මූලිකත්වයෙන් පාසල් උපකරණ බෙදාදීමේ වැඩසටහනක්

ලෝක ළමා දිනයට සමගාමීව ආරක්‍ෂක සේනා මූලස්ථාන - මධ්‍යම භටපිරිස් සහ බණ්ඩාරවෙල සිංහ සමාජය එක්ව දියතලාව, කදුරුගමුව මිහිඳු විද්‍යාලයේ ළමුන් සඳහා විශේෂ වැඩසටහනක් පසුගිය අඟහරුවදා (ඔක්තෝබර් මස 03) දින සංවිධානය කරන ලදී.

වැඩසටහන ආරම්භයේදී ආරක්‍ෂක සේනා මූලස්ථාන - මධ්‍යම කර්නල් ප්‍රධාන මාණ්ඩලික නිලධාරී කර්නල් ඩබ්ලිව්.ඒ.ජේ. හේමචන්ද්‍ර ආර්එස්පී පීඑස්සී විසින් පාසල් ළමුන් සඳහා ‘නායකත්ව ගුණාංග’ පිළිබඳ දේශනයක් පවත්වන ලදී. අනතුරුව දියතලාව ගොල්ෆ් සමාජ ශාලාවේදී එම විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ ළමුන් සඳහා පාසල් උපකරණ ප්‍රදානය කරන ලදී.

වැඩසටහන අවසානයේ ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම භටපිරිස් විසින් පාසලේ ළමුන්ට සහ ගුරුභවතුන්ට දිවා භෝජන සංග්‍රහයක්ද පිරිනමන ලදී.

ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් ඩබ්ලිව්.ඩබ්ලිව්.එච්.ආර්.ඩී.එම්.එන්.ඩී.කේ.බී නියංගොඩ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී ලබාදුන් උපදෙස් මත උත්සව අවස්ථාව පවත්වනු ලැබීය.