08th October 2023 21:08:17 Hours
ආරක්‍ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 22 පාබල සේනාංකයේ භටපිරිස් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිලධාරීන්ගේ සහයෝගය ඇතිව සුනාමි තත්ත්වයන් පිළිබඳව කුච්චවේලි ප්‍රදේශයේ ප්‍රජාව දැනුවත් කිරීම සඳහා වූ අභ්‍යාසයක් පසුගිය බදාදා (ඔක්තෝම්බර් මස 04) දින පවත්වන ලදී.
අන්-නූර් මුස්ලිම් විද්‍යාලයේ පාසල් සිසුන් සිසුන් 353, ගුරුවරුන් 20 සහ සිවිල් වැසියන් 700 ඇතුළුව පුද්ගලයින් 1,073 දෙනෙකුගෙන් සමන්විතව කණ්ඩායමක් සක්‍රීයව සුනාමි තත්ත්වයකට සූදානම් වීමේ පෙර පුහුණු අභ්‍යාසයක සහභාගි වූහ. එහිදී සියලු දෙනා වෙත සුනාමි ව්‍යසනයකදී අනුගමනය කළ යුතු ක්ෂණික ක්‍රියාමාර්ගයන් පිළිබඳව උපදෙස් ලබා දෙන ලදී.
22 පාබල සේනාංකයේ නියෝජ්‍ය සේනාංකාධිපති බ්‍රිගේඩියර් කේ.කේ.එස් පැරකුම් ආර්ඩබ්ලිව්පී ආරඑස්පී ගේ අධික්‍ෂණය යටතේ සහ 20 ගජබා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරීගේ සම්බන්ධීකරණයෙන් පැවැත්වූ මෙම අභ්‍යාසය සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව, විශේෂ කාර්ය බළකායේ නිලධාරීන්, පොලිස් නිලධාරීන්, World Vision ආයතනය, ළමා අරමුදල, ඛනිජ තෙල් සංස්ථාව, රතු කුරුස සංවිධානය, කුච්චවේලි දේශීය ලේකම් කොට්ඨාශය සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය - ත්‍රිකුණාමලය අභ්‍යාසය සම්බන්ධීකරණය කිරීමට සහභාගී වූහ.