06th October 2023 22:07:58 Hours
61 පාබල සේනාංකයේ භටපිරිස් විසින් මාතර, තිහගොඩ, මාලිම්බඩ, කඹුරුපිටිය, අකුරැස්ස, පිටබැද්දර, අතුරලිය සහ දික්වැල්ල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල අධික වර්ෂාවෙන් ආපදාවට පත්වූවන් සඳහා මානුෂීය සහන සැලසීමේ කටයුතුවල නිරතව සිටිති.
613 පාබල බලසේනාවේ භටපිරිස් එක්ව පසුගිය බ්‍රහස්පතින්දා (ඔක්තෝබර් මස 05) දින ගංවතුර තත්ත්වයෙන් විපතට පත් වූවන් සඳහා පිසූ ආහාර බෙදාදෙන ලදී. යුද්ධ හමුදාපතිතුමන්ගේ උපදෙස් මත ශ්‍රී ලංකා යුද්ධ හමුදාව ආපදාවට පත් ප්‍රදේශවල මෙම මානුෂීය සහන සැලසීමේ කටයුතු ගංවතුර තත්ත්වය පහව යන තෙක්ම අඛණ්ඩව සිදු කරනු ඇත.