27th December 2023 20:26:45 Hours
නත්තල් දිනයට සමගාමීව ආරක්‍ෂක හමුදාවන් සහ සිවිල් ජනතාව අතර සංහිඳියාව, සුහදත්වය සහ අන්න්‍යෝන්‍ය අවබෝධය වර්ධනය කිරීමේ අරමුණින් 51 පාබල සේනාංකයේ භට පිරිස් විසින් යාපනය “ St. Mary’s Cathedral at Jaffna Bishop's House” දෙව්මැදුරේදී නත්තල් කැරොල් ගී ප්‍රසංගයක් පසුගිය ඉරිදා (දෙසැම්බර් මස 24 ) දින සංවිධානය කරන ලදී.
51 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එස්.ඩබ්ලි.බී වෙලගෙදර ආර්එස්පී විඑස්වි යුඑස්පී එන්ඩිසීගේ උපදෙස් මත මෙම වැඩසටහන සංවිධානය කරන ලදී.
මෙම අවස්ථාවට 51 පාබල සේනාංකයට අයත් සියළුම බලසේනා සහ බළඇණිවල භට පිරිස් සහ පරිත්‍යාගශීලීන්ගේ දායකත්වයෙන් ළමුන් 1000 කට අධික සංඛ්‍යාවක් සදහා ත්‍යාග සහ රසකැවිලි බෙදා දෙන ලදී. ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස රදගුරු ආචාර්ය ජස්ටින් බර්නාඩ් ඥානප්‍රගාසම් පියතුමන් මෙම අවස්ථාවට සහභාගී විය.
මෙම අවස්ථාව සඳහා දෙදහසකට අධික ජනතාවක් සහභාගී වූ අතර, ශ්‍රී ලංකා යුද්ධ හමුදා තූර්ය වාදක කණ්ඩායමේ සංගීතයට පාසල් කැරොල් කණ්ඩායම් විසින් කැරොල් ගීත ගායනා කරන ලදී. මෙම ප්‍රසංගයට සහභාගී වූ කිතුනු බැතිමතුන් විසින් ශ්‍රි ලංකා යුද හමුදාව මඟින් මෙවැනි ප්‍රසංගයක් සංවිධානය කිරීම පිළිබඳව ඇගයිමට ලක් කරන ලදී.