Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

28th December 2023 20:58:23 Hours

14 ගැමුණු හේවා බළකායේ භඨ පිරිස් විසින් තන්නිමුරිප්පු වැව් බැම්ම පිළිසකර කරයි.

ආරක්‍ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 59 වන පාබල සේනාංකයට අයත් 592 පාබල බලසේනා බළප්‍රදේශයේ පිහිටි 14 ගැමුණු හේවා බළකායේ භඨ පිරිස් විසින් පසුගිය බදාදා (දෙසැම්බර් මස 20) දින කැඩී ගිය තන්නිමුරිප්පු වැව් බැම්ම පිළිසකර කරන ලදී.

14 ගැමුණු හේවා බළකායේ අණදෙන නිලධාරී ඇතුළු එම බළකායේ භඨ පිරිස් වැව් බැම්ම පිළිසකර කිරිම සදහා සහභාගී වූහ.