26th December 2023 22:51:00 Hours
නත්තල සහ 2024 නව වසර උදාව වෙනුවෙන් සියලු නිලයන් සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයින්ගේ සුහදත්වය වර්ධනය කිරීමේ උත්සවයක් පසුගිය සිකුරාදා (දෙසැම්බර් මස 22 ) දින ආරක්ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර දී පැවැත්විය .
මෙම වැඩසටහන සඳහා සෙබළුන් 300 කට ආසන්න පිරිසක් සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයන් සමඟ දුදරුවන් සහභාගී වූ අතර, ඒ සියළු දෙනා වෙනුවෙන් දර්ශනීය නත්තල් සංගීත ප්‍රසංගයක් ද පවත්වන ලදී.
ආරක්ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර ආඥාපති මේජර් ජෙනරල් එම්.කේ.යු.පී ගුණරත්න ආර්එස්පී එන්ඩියු පීඑස්සී අයිජිගේ උපදෙස් මත එම මුලස්ථානයේ සියළුම නිලයන්ගේ සහයෝගය ඇතිව මෙම වැඩසටහන සිදු කරන ලදී.
එදින පැවති සංගීත ප්‍රසංගය සඳහා යුද්ධ හමුදා නිලධාරින්,භඨ පිරිස් ඇතුළු ඔවුන්ගේ පවුලේ සාමාජිකයින් සහභාගී වු අතර, ඔවුන්ගේ දක්‍ෂතාවයන් ප්‍රදර්ශනය කිරීමට ද එහිදී අවස්ථාවද හිමිවිය.
මෙම උත්සවයේදී ආරක්ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර ආඥාපති, මේජර් ජෙනරල් එම්.කේ.යු.පී ගුණරත්න ආර්එස්පී එන්ඩියු පීඑස්සී අයිජි පැමිණි සිටි සියළුම භඨපිරිස් සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයින් සමඟ සුහද පිළිසදරක නිරතවිය. ඉන් අනතුරුව නත්තල් සීයා විසින් දුදරුවන් හට ත්‍යාග ප්‍රධානය කිරීම සිදුකරන ලදී.
නත්තල සහ නව වසර උදාවට සමගාමීව වර්ණවත් සංගීත සංදර්ශනයක් පැවති අතර එ සදහා සහභාගී වු සියළු දෙනා හට ප්‍රණීත රාත්‍රී භෝජන සංග්‍රහයක් ලබාදෙන ලදී.
බ්‍රිගේඩියර් එල්.එච්.එම් රාජපක්‍ෂ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යුඑස්පී, බ්‍රිගේඩියර් ආර්.ඒ.එච්.ඒ.ඩි ආරියසේන ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යුඑස්පී පීඑස්සී පීටීඑස්සී, බ්‍රිගේඩියර් කේ.ජී.යු.ටී ජයසිංහ, බ්‍රිගේඩියර් ජේ.එම්.ටී.එන්.බී කරුණාතිලක, ආරක්ෂක සේනා මූලස්ථාන - නැගෙනහිර ජ්‍යේෂ්ඨ මාණ්ඩලික නිලධාරීන්, මාණ්ඩලික නිලධාරීන්, සෙසුනිළයින් ,සිවිල් කාර්ය මණ්ඩලය සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් සහභාගී විය.