Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

24th December 2023 21:03:56 Hours

521 පාබල බලසේනාවේ මූලිකත්වයෙන් නත්තල් කැරොල් වැඩසටහනක්

පේදුරුතුඩුව ප්‍රදේශයේ වෙසෙන සිවිල් වැසියන් අතර ආගමික සහජීවනය සහ සිවිල් - හමුදා සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් 521 පාබල බලසේනාව, 4 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව සහ 11 විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් ඒකාබද්ධව පසුගිය බ්‍රහස්පතින්දා (දෙසැම්බර් මස 21) දින මෙතෝදිස්ත බාලිකා උසස් පාසල් ශ්‍රවණාගාරයේදී නත්තල් කැරොල් ගීතිකා වැඩසටහනක් පැවැත්වීය.

521 පාබල බලසේනාවේ බලසේනාධිපතිතුමන්ගේ මඟපෙන්වීම යටතේ පැවති මෙම වැඩසටහනේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 52 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන් සහභාගී වූ අතර ගෞරවනීය ආරාධිත අමුත්තා වශයෙන් යාපනය දියෝකිසය භාර අනුනායක ජෝෂප් ජෙබරත්නම් පියතුමන් සහභාගී විය.

පේදුරුතුඩුව මෙතෝදිස්ත උසස් බාලිකා විද්‍යාලය, මෙතෝදිස්ත පිරිමි විද්‍යාලය, ශාන්ත මෙතෝදිස්ත දේවස්ථානය සහ ශාන්ත තෝමස් රෝමානු කතෝලික දේවස්ථානයේ සිසු සිසුවියන් විසින් මෙහිදී කැරොල් ගීතිකා ගායනා ඉදිරිපත් කළහ.

මයිකල් සෞන්ද්‍රනායගම් පියතුමන් ප්‍රමුඛ එම දේවස්ථානයේ කන්‍යා සොහොයුරින් විසින් යාඥාවන් පැවැත්වූහ. නත්තල් උත්සවයේ වටිනාකම පිළිබඳ අදහස් දක්වමින් යාපනය දියෝකිසය භාර අනුනායක ජෝෂප් ජෙබරත්නම් පියතුමන් නත්තල් දින පණිවිඩය ඉදිරිපත් කරනු ලැබීය. මෙම අවස්ථාවට සහභාගී වූ සියලු දෙනා වෙනුවෙන් කෙටි ආහාරපාන සහ රාත්‍රී භෝජන සංග්‍රහයක් පිරිනැමූ අතර මෙම උත්සව අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සම්භාවනීය ආරාධිතයින් රැසක් සහ සිවිල් වැසියන් 400 කට අධික පිරිසක් සහභාගී වූහ.