26th December 2023 22:17:52 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨය විසින් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අලෙවි කළමනාකරණ අංශයේ සිසුන් 81 දෙනෙකු සඳහා "පෞරුෂත්වය සහ නිපුණතා සංවර්ධනය" කිරිමේ අරමුණින් දින පහක පුහුණු වැඩසටහනක් පවත්වන ලදී.
මෙම පුහුණු සැසිය සදහා නායකත්වය, ගැටළු විසඳීම, අභියෝග ජය ගැනීම, ආත්ම විශ්වාසය ගොඩනැගීම, විනය පවත්වාගැනීම, සන්නිවේදනය, සහමුහික ක්‍රියාකාරකම්, පෞරුෂත්වය වර්ධනය සහ සමාජීය අචාර විධි යන ක්ෂේත්‍රයන් පිළිබද දැනුම වර්ධනය කිරීමේ අරමුණින් පසුගිය දෙසැම්බර් 18 දින සිට 23 දින දක්වා ශ්‍රී ලංකා හමුදා විද්‍යාපීඨයේ දී පවත්වන ලදී.
මෙම වැඩසටහණ මගින් ස්භාවධර්මය සුරැකීමේ සහ පරිසරය සංරක්‍ෂණයේ වැදගත්කම පිළිබඳව අවබෝධයක් ලබා දුන් අතර, පැමිණි සිටි සියළුම උපාධි අපේක්‍ෂකයින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ සේනාවිධායකතුමන්ගේ අරම්භක දේශනයෙන් යුද්ධ හමුදා විද්‍යාපීඨය වෙත පිළිගැනීමෙන් අනතුරුව වැඩසටහනේ කටයුතු අරම්භ කරන ලදී.