28th December 2023 21:10:01 Hours
උඳුවප් පුර පසළොස්වක පොහොය දින ශ්‍රී පාද වාරයේ ආරම්භය සනිටුහන් කරමින් පසුගිය අගහරුවාද (දෙසැම්බර් මස 26) සුමන සමන් දෙවියන්ගේ ප්‍රතිමාව වැඩම කරවීමේ පෙරහැර සඳහා ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම යටතේ ස්ථාපිත 19 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවේ භට පිරිස් සිය ශ්‍රම දායකත්වය ලබාදුන්හ.
රත්නපුර ගල්පොත්තාවෙල රජමහා විහාරයෙන් ආරම්භ වූ දේව ප්‍රතිමාව රැගත් පෙරහැර සදහා යුද්ධ හමුදාධිපතිතුමන්ගේ මඟපෙන්වීමෙන් සෑම වසරකම යුද්ධ හමුදා සාමාජිකයින් විසින් සහයෝගය ලබාදීම සිදුකරයි.
ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් ඩබ්ලිව් .ඩබ්ලිව්.එච්.ආර්.ආර්.වී.එම්.එන්. ඩී.කේ.බී නියංගොඩ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයු පීඑස්සී විසින් මෙම පුණ්‍ය කටයුත්ත සඳහා අවශ්‍ය උපදෙස් හා දිරිගැන්වීම් ලබා දෙන ලදී.