24th December 2023 21:10:06 Hours
නැඟෙනහිර ප්‍රදේශයේ පාසල් 11 ක ඉගෙනුම ලබන ශිෂ්‍ය නායක නායිකාවන් වෙනුවෙන් පැවැත්වූ නායකත්ව පුහුණු පාඨමාලාවේ සහතිකපත් ප්‍රධානෝත්සවය පසුගිය සිකුරාදා (22) දින පූනානි ප්‍රදේශයේ ස්ථාපිත 23 පාබල සේනාංක බලඇණි පුහුණු පාසල් පරිශ්‍රයේදී පැවැත්විණි. එම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් එම්.කේ.යූ.පී. ගුණරත්න ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී අයිජී සමඟින් 23 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කේ.වී.එන්.පී. ප්‍රේමරත්න ආර්එස්පී යූඑස්පී පීඑස්සි සහභාගී විය.
23 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන් ප්‍රමුඛ නිලධාරීන් 06 දෙනෙකුගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම නායකත්ව පුහුණු වැඩමුළුව න්‍යායික පැහැදිලි කිරීම් සහ ප්‍රායෝගික ආදර්ශන සමඟින් පැවැත්වුණු අතර සහභාගී වූවන් හට එහිදී පුළුල් අවබෝධයක් ලබාගැනීමට හැකිවිය. මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර ගේ සුරතින් සහභාගීවූවන් වෙත සහතිකපත් ප්‍රදානය කරන ලදී.
වැඩමුළුව සමාප්තියේ සහභාගී වූවන් තිදෙනෙකුට තමන් ලද අත්දැකීම් පිළිබඳ විස්තර කිරීමට ද අවස්ථාව හිමිවූහ. මෙම වැඩසටහනෙන් අනතුරුව ශිෂ්‍ය නායක නායිකාවන් වෙත ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර සමඟ සුහදව අදහස් හුවමාරු කරගැනීමට සහ සුහද තේ පැන් සංග්‍රහයකට සහභාගී වීමට ද අවස්ථාව හිමිවූහ.
මෙම අවස්ථාව සඳහා ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර මාණ්ඩලික නිලධාරීන් ඇතුළු කාර්ය මණ්ඩලය, නිලධාරීන්, සෙසුනිලයන් සහ පාසල් 11 හි කාර්ය මණ්ඩලය ද සහභාගී වූහ.