Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

28th December 2023 21:19:45 Hours

4 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භට පිරිස් යාපනයේ 773 නව නිවස ඉදිකරයි

ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත 52 පාබල සේනාංකයට අයත් 521 පාබල බළසේනා බළප්‍රදේශයේ 4 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භට පිරිස් විසින් කැනඩාවේ දානපතියන්ගේ අනුග්‍රහයෙන් පේදුරුතුඩුව තම්බියාපුලම් අල්වායි ප්‍රදේශයේ නව නිවසක් ඉදිකරන ලදී.

යාපනය දිස්ත්‍රික්කය තුල යුද්ධ හමුදාව විසින් විදේශීය දානපතියන්ගේ සයෝගය ඇතිව සිවිල් ජනතාව වෙනුවෙන් 773 වන නව නිවස ඉදිකරනු ලැබීය.

මේජර් ජෙනරල් ආර් රත්නසිංහම් (විශ්‍රාමික) ගේ සම්බන්ධීකරණයෙන් කැනඩාවේ පදිංචි තබිතා සින්නයියා (Thabitha Cinnaiya) මහත්මිය හා ‘Wanni Aid Canada’ සංවිධානයේ අනුග්‍රාහකත්වයෙන් 52 පාබල සේනාංකයේ 521 බලසේනාවේ භඨපිරිස් හි දායකත්වය ඇතිව නව නිවස ඉදිකරන ලදී.

52 පාබල සේනාංකයේ සේනාංකාධිපති සහ 521 පාබල බළසේනාවේ බළසේනාධිපති තුමාගේ ආරාධනයෙන් ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් එස්.ආර්.කේ හෙට්ටිආරච්චි ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යුඑස්පී එන්ඩියු පීඑස්සී නව නිවස විවෘත කිරීම සඳහා පසුගිය අගහරුවාදා (දෙසැම්බර් මස 26) දින සහභාගී විය.

දානපතියන් විසින් එහිදී නිවාස ලාභීන් වෙත නිවසට අවශ්‍ය ගෘහභාණ්ඩ ලබාදීම ද සිදුකරන ලදී.

52 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් වයි.ඒ.බී.එම් යහම්පත් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩියු පීඑස්සී ගේ මගපෙන්වීම යටතේ 521 පාබල බලසේනාවේ බලසේනාධිපති කර්නල් එම්.එච්.ආර් ප්‍රනාන්දු ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යුඑස්පී ගේ අධික්‍ෂණය යටතේ මෙම ව්‍යාපෘතිය සිදුකරන ලදි.