01st January 2024 18:28:51 Hours
4 ගැමුණු හේවා බලකායේ අණදෙන නිලධාරී සහ එම ඒකකයේ භටපිරිස් එක්ව විශේෂ අවශ්‍යතා සහිත ළමුන් සඳහා අත්‍යවශ්‍ය සනීපාරක්‍ෂක ද්‍රව්‍ය බෙදාදීමේ වැඩසටහනක් පසුගිය අඟහරුවාදා (දෙසැම්බර් මස 26) දින සතුරුකොන්දන්, ‘Ozanam’ මධ්‍යස්ථානයේදී පවත්වන ලදී.
එහිදී රු. 35,000.00 ක වටිනාකමකින් යුත් අත්‍යවශ්‍ය සනීපාරක්‍ෂක ද්‍රව්‍ය විශේෂ අවශ්‍යතා සහිත ළමුන් 26 දෙනෙකු වෙත බෙදාදෙන ලදී. 4 ගැමුණු හේවා බලඇණියේ අණදෙන නිලධාරීතුමන්ගේ සහ සෙසු නිලයන්ගේ මූල්‍යමය පරිත්‍යාගයෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන ලදී.
උත්සව අවස්ථාවට 4 ගැමුණු හේවා බළඇණියේ අණදෙන නිළධාරී මේජර් එස්.පී.අයි.එච් සේනානායක, එතුමන්ගේ භාර්යාව, නිලධාරීන් සහ සෙසු නිලයින් සහභාගී වූ අතර, එහිදී අත්‍යවශ්‍ය සනීපාරක්‍ෂක ද්‍රව්‍ය තොගය ‘Ozanam’ මධ්‍යස්ථානයේ කළමනාකාරිනී යූ. ආර්නෝල්ඩ් වත්සලා මහත්මිය වෙත පිරිනමන ලදී.