01st January 2024 18:27:10 Hours
බදුල්ල මහියංගන මාර්ගයේ තල්දෙන ප‍්‍රදේශය ආසන්නයේ වැටී තිබූ විශාල ගසක් හේතුවෙන් මාර්ගයේ ඇතිව තිබූ ගමනාගමන අවහිරතාවය ඉවත් තිබූ කිරීමට ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම භටපිරිස් පසුගිය බ‍්‍රහස්පතින්දා (දෙසැම්බර් මස 28) දින කටයුතු කලහ.
ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම, මේජර් ජෙනරල් ඩබ්ලිව්.ඩබ්ලිව්.එච්.ආර්.ආර්.වී.එම්.එන්.ඩී.කේ.බී නියංගොඩ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්වීයූ පීඑස්සී ගේ උපදෙස් මත 2 ශ්‍රී ලංකා රයිෆල් බලකායේ භටපිරිස් කඩිනමින් ක්‍රියාත්මක වී ගස ඉවත් කිරීමෙන් පසු රථ වාහන ගමනාගමනය යථා තත්ත්වයට පත් කරනු ලැබීය.
2 ශ්‍රී ලංකා රයිෆල් බලකායේ එක් නිලධාරිකු සහ සෙසු නිලයින් 7 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් විසින් පැය කිහිපයක් ඇතුළත ගස ඉවත් කිරීමේ කටයුතු සිදුකරනු ලැබූහ.