30th December 2023 20:04:33 Hours
ආරක්‍ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර ස්ථාපිත 22 පාබල සේනාංකය යටතේ 223 පාබල බළසේනාවේ භඨ පිරිස් විසින් නත්තල් දිනයට සමගාමීව කන්තලේ “95 Gantalawa Our Lady of Perpetual Help ” දෙව්මැදුරේ සහයෝගය ඇතිව නත්තල් කැරොල් ගී ප්‍රසංගයක් පසුගිය බදාද (දෙසැම්බර් මස 27 ) දින මුතූර් නගරයේදී සංවිධානය කරන ලදී.
මෙම ප්‍රසංගයට හින්දු,බෞද්ධ සහ ක්‍රිස්තියානි ආගම්වල ළමුන් ඉදිරිපත් කරන ලද වර්ණවත් නත්තල් කැරොල් ගායනා සහ නර්තනයන් රැසක් ඇතුළත් වූ අතර, ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් 22 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් පී.ඒ.එම් පිරිස් ආර්එස්පී යුඑස්පී පීඑස්සී සහභාගී වූහ.
22 පාබල සේනාංකයේ උපදෙස් මත 223 පාබල බලසේනාවේ බලසේනාධිපති ගේ අධීක්ෂනය යටතේ 15 ශ්‍රී ලංකා පාබල හමුදාවේ භඨ පිරිස් විසින් මෙම වැඩසටහන සංවිධානය කරන ලදී.
223 පාබල බලසේනාවේ භට පිරිස් විසින් මුතූර් ශාන්ත ආනා දේවස්ථානයේ සහයෝගය ඇතිව නත්තල් කැරොල් ගායක ගායිකාවන්ගේ සමගින් පසුගිය අගහරුවද(දෙසැම්බර් මස 26) දින එම බලසේනා මුලස්ථාන පරිශ්‍රයේ නත්තල් කැරෙල් ගී ප්‍රසංගයක් සංවිධානය කරන ලදී.