Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

29th December 2023 20:57:17 Hours

11 විජයබාහු පාබල රෙජිමේන්තු භටපිරිස් සෙල්වසන්නදි කෝවිල් පරිශ්‍රය පිරිසිදු කරයි

තොණ්ඩමන්නාරු ප්‍රදේශයේ සිවිල් - හමුදා සහයෝගීතාව වැඩි දියුණු කිරීමේ අරමුණින් 52 පාබල සේනාංකයේ 521 පාබල බලසේනා බලප්‍රදේශයේ ස්ථාපිත 11 විජයබාහු පාබල රෙජිමේන්තු භටපිරිස් විසින් පසුගිය ඉරිදා (දෙසැම්බර් මස 24) දින සෙල්වසන්නදි කෝවිල් පරිශ්‍රය පිරිසිදු කිරීමේ ප්‍රජා සත්කාරක වැඩසටහනක් පවත්වන ලදී.

වැඩසටහන සඳහා ප්‍රදේශයේ සිවිල් ජනතාව ද සහභාගි වූ අතර, භටපිරිස් විසින් ඔවුන් වෙත තේ පැන් සංග්‍රහයක් ද පිරිනමන ලදී.