29th December 2023 20:52:04 Hours
ඔඩ්ඩුසුඩාන් ප්‍රදේශයේ පිහිටි කරිපද්දමුරිප්පු සිට තම්පනේ දක්වා ඛාදනය වූ බොරළු මාර්ගය 64 පාබල සේනාංකය යටතේ ස්ථාපිත 642 පාබල බලසේනා බලප්‍රදේශයේ 23 විජයබාහු පාබල රෙජිමේන්තු භඨ පිරිස්වල ශ්‍රමදායකත්වයෙන් රථ වාහන ගමනා ගමනයට සරිලන පරිදි ප්‍රතිසංස්කරණය කරණ ලදී.
අයාහපත් කාලගුණය තත්ත්වය හේතුවෙන් ධාරානිපාත වර්ෂාව සහ අධික ගංවතුර ගැලීම හේතුවෙන් මාර්ගයේ පස් සේදී ගොස් දැඩි අලාභහානි සිදුවීමෙන් වාහන ගමනාගමනයට බාධා ඇති විය. එම නිසා ගම්වැසියන්ගේ ඉල්ලීම පරිදි යුද්ධ හමුදාව විසින් මාර්ගය ප්‍රතිසංස්කරණය කරණ ලදී.
64 පාබල සේනාංකයේ සෙනාංකාධිපති මේජර් ජෙනරල් එම්. එස්. දේවප්‍රිය යූඑස්පී එන්ඩීසීගේ උපදෙස් මත 642 පාබල බළසේනාවේ බළසේනාධිපති බ්‍රිගේඩියර් ඩබ්ලිව්. එම්. පී. ඩබ්ලිව්. එන්. ඩී. බී වීරකෝන් ආර්එස්පී යූඑස්පීගේ අධීක්ෂණය යටතේ සිවිල් වැසියන්ගේ සහය ඇතිව 23 විජයබාහු පාබල රෙජිමේන්තු භඨ පිරිස්වල ශ්‍රමදායකත්වයෙන් නැවත මාර්ගය පිළිසකර කරණ ලදී
23 විජයබාහු පාබල රෙජිමේන්තු භඨ පිරිස් විසින් පසුගිය ඉරිදා ( දෙසැම්බර් මස 24) දින හානියට පත් මාර්ගයේ ඇති සියලුම වළවල් පිළිසකර කර නැවත මාර්ගය වාහන ධාවනය කළ හැකි තත්ත්වයට පත් කරන ලදී. ප්‍රදේශයේ සිවිල් ජනතාවගේ සුභසාදනය වෙනුවෙන් සිදුකල මෙම ව්‍යාපෘතිය ප්‍රදේශවාසීන්ගේ ඇගයීමට හා ප්‍රශංසාවට ලක්වේ.