Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

01st January 2024 18:06:06 Hours

56 පාබල සේනාංකය ‘වන්නි නත්තල් ගීතීකා - 2023’ සංවිධානය කරයි

56 පාබල සේනාංකය විසින් සංවිධානය කරන ලද ‘වන්නි නත්තල් ගීතීකා උත්සවය - 2023’ පසුගිය බ්‍රහස්පතින්දා (දෙසැම්බර් මස 28) දින වවුනියාවේ සංස්කෘතික ශාලාවේදී පවත්වන ලද අතර, එම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් ඩබ්ලිව්.පී.ඒ.ඩී.ඩබ්ලිව් නානායක්කාර ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ සහභාගී වූයේය.

උත්සව අවස්ථාවේදී වවුනියාව රඹයික්කුලම් මඩු අප ස්වාමිදූගේ දේවස්ථානය, වවුනියාව මහරම්බයිකුලම් ශාන්ත අන්තෝනි දේවස්ථානය, වවුනියාව රඹයිකුලම් ක්‍රිස්තු රාජ දේවස්ථානය සහ වවුනියාව කොමරසන්කුලම් අප ස්වාමිදූගේ දේවස්ථානයේ ගායක ගායිකාවන් විසින් නත්තල් ගීතීකා ඉදිරිපත් කරන ලදී.

අන්තෝනිතාස් දලිමා පියතුමා විසින් සිදුකරනු ලැබූ සමාරම්භක යාඥාවෙන් පසුව නත්තල් කැරොල් ගීතිකා උත්සවයේ කටයුතු චාරිත්‍රනුකූලව ආරම්භ වූ අතර, ඒ සඳහා 54 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන්, පූජ්‍ය පක්‍ෂය, යුද්ධ හමුදා ජ්‍යේෂ්ඨ නිලධාරීන්, සෙසු නිලයින්, වවුනියාව විශ්වවිද්‍යාලයේ උපකුලපතිතුමන්, රාජ්‍ය නිලධාරීන් සහ සිවිල් වැසියන් ඇතුළු විශාල පිරිසක් පැමිණ සිටියහ.