01st January 2024 18:30:06 Hours
අලවකුඹුර මහා විද්‍යාලයේ සහ දම්මින්න ප්‍රාථමික විද්‍යාලයේ අධ්‍යාපනය ලබන ආර්ථික දුෂ්කරථා මධ්‍යයේ දිවිගෙවන පවුල්වල අධ්‍යාපනය ලබන පාසල් ළමුන් 127 දෙනෙකු වෙත පාසල් බෑග් සහ පොත් ප්‍රදානය කිරීමේ වැඩසටහනක් යුද්ධ හමුදා පුහුණු පාසලේ සේනාවිධායක බ්‍රිගේඩියර් එල්.ජී.ජේ.එන් ආරියතිලක ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ගේ උපදෙස් මත පුහුණු පාසලේ භටපිරිස් විසින් පසුගිය අඟහරුවාදා (දෙසැම්බර් මස 26) දින පවත්වන ලදී. මෙම වැඩසටහනේ මූලික අරමුණ වන්නේ එම ළමුන්ගේ අධ්‍යාපනික කටයුතු දිරිගැන්වීමයි. උත්සව අවස්ථාවේදී එම පුහුණු පාසලේ සිවිල් සේවක මහතුන්ගේ ළමුන් දස දෙනෙකු වෙත ද පාසල් උපකරණ බෙදා දෙන ලදී.