Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

16th January 2024 19:58:53 Hours

ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර බළප්‍රදේශයේ ජනතාවගේ ජීවනෝපාය ඉහළ නැංවීමේ වැඩසටහනක්

ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර භටපිරිස් ජනවාරි මස 13 දින මඩකලපුව, කොක්කඩිචෝලායි ප්‍රදේශයේ අවශ්‍යතා සහිත ගොවීන්ට උපකාර කිරීමේ අරමුණින් ජීවනෝපාය ඉහළ නැංවීමේ වැඩසටහනක් පැවැත්වීය. ගොවීන්ට ඇතිවන අභියෝගවලට මුහුණදීම සහ ඔවුන්ගේ ආදායම් මට්ටම ඉහළ නැංවීම සඳහා බහුවිධ ප්‍රවේශයන් හඳුනාගැනීමේ අරමුණින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරිණි. ශ්‍රද්ධා ටීවී නාලිකාවේ ‘සාමය සඳහා අන්තර් ආගමික එකමුතුව’ සහ ‘ශ්‍රද්ධා සමාජ සේවා ඒකකය’ සමඟ එක්ව තෝරාගත් ගොවීන් සඳහා ගොවිපළ සතුන්, ගොවි උපකරණ සහ මුල්‍ය ආධාර ද මෙහිදී බෙදාදෙනු ලැබීය.

මෙම ප්‍රයත්නයේ කොටසක් ලෙස කඩුවෙල මහමෙව්නා අසපුව ප්‍රදේශයේ දී කොක්කඩිචෝලායි ගොවීන් 6 දෙනෙකු වෙත කිරි ගවයින් 16 දෙනෙකු බෙදාදීමේ උත්සවයක් පැවැත්විණි. ‘ශ්‍රද්ධා සමාජ සේවා ඒකකය - අභයදාන පුණ්‍ය ව්‍යාපෘතිය’ සමඟ සහයෝගයෙන් මෙම පරිත්‍යාගය සිදුකිරීමට හැකිවිය.

ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් එම්.කේ.යූ.පී. ගුණරත්න ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී අයිජී ගේ මඟපෙන්වීම මත මෙම වැඩසටහණ සංවිධානය කෙරෙණි.

ආරක්‍ෂක සේනා ආඥාපති -නැගෙනහිර නියෝජනය කරමින් මෙම අවස්ථාව සඳහා එම ආරක්‍ෂක සේනා මූලස්ථානයේ සිවිල් සම්බන්ධීකරණ නිලධාරි සහභාගී වූ අතර ශ්‍රද්ධා ටීවී නාලිකාවේ ප්‍රධාන විධායක නිලධාරී ප්‍රසාද් බිනුවර මහතා ඇතුළු කාර්ය මණ්ඩලය වෙත ආරක්‍ෂක සේනා ආඥාපති- නැගෙනහිර වෙනුවෙන් සිය කෘතඥතාව පුදකරනු ලදී. මෙම වැඩසටහණ සදහා ‘අබයදාන පුණ්‍ය ව්‍යාපෘතියේ’ වෙන්කඩවත විජිතවංශ හිමියන් විසින්,සිය පෟද්ගලික ධන පරිත්‍යාග ද සිදුකරණ ලදී