Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

16th January 2024 20:01:44 Hours

3 ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බළකායේ භටපිරිස් 'ඒරු' වැවේ වාන් දොරටු පිරිසිදු කරයි

අනුරාධපුර ප්‍රාදේශීය වාරිමාර්ග කාර්යාලයේ ප්‍රාදේශීය වාරිමාර්ග ඉංජිනේරුවරයාගේ ඉල්ලීමකට අනුව 212 පාබල බලසේනා බලප්‍රෙද්ශයේ ස්ථාපිත 3 ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බළකායේ භටපිරිස් විසින් පැවති අධික වර්ෂාපනය හේතුවෙන් වල් පැලෑටි මගින් අවහිර වී තිබූ ‘ඒරු’ වැවේ වාන් දොරටු පිරිසිදු කිරීමේ කටයුතු සිදුකරන ලදී.

ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර, 21 පාබල සේනාංකයේ සේනාංකාධිපතිමන් සහ 212 පාබල බලසේනාවේ බලසේනාධිපතිතුමන්ගේ උපදෙස් සහ මඟපෙන්වීම මත භටපිරිස් විසින් මෙම කාර්යය සිදුකරනු ලැබූ අතර, ඒ සඳහා භටපිරිස් වෙත වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ සහ ප්‍රදේශයේ සිවිල් වැසියන්ගේ සහාය ද ලබා දෙන ලදී.