Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

16th January 2024 20:14:40 Hours

අක්කරෙයිපත්තු ප්‍රදේශයේ මාර්ගයට වැටී තිබූ ගසක් ඉවත් කිරිමට 11 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවේ භටපිරිස්හි දායකත්වය

අක්කරෙයිපත්තු, ශ්‍රී විජයාරාම විහාරස්ථානය භූමිය වෙත ජනවාරි මස 10 දින කඩා වැටුණු ගසක් ඉවත් කිරීමට 11 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවේ භටපිරිස් සිය දායකත්වය දැක්වූහ. අධික වර්ෂාව හා දැඩි සුළං තත්ත්වයත් සමඟ මෙම ගස කඩා වැටීම හේතුවෙන් දම්මරතන සිංහල විද්‍යාලය වෙත යන මාර්ගය අවහිර වී වාහන ගමනාගමනයට බාධා එල්ලවී ඇති අතර ප්‍රදේශයේ විදුලිය ද විසන්ධි වී ඇත.

අක්කරෙයිපත්තු මහ නගර සභාවේ සහ විදුලිබල මණ්ඩලයේ නිලධාරින්ගේ සහයෝගය මත භටපිරිස් කඩාවැටුණු ගස ඉවත් කර එම මාර්ගයේ ගමනාගමන කටයුතු යථා තත්ත්වයට පත්කළ අතර විදුලි සැපයුම ද යළි ස්ථාපිත කිරීමට කටයුතු කරනු ලැබීය.