14th January 2024 18:06:25 Hours
ආනන්දපුරම් රජයේ දමිළ මිශ්‍ර පාසලේ විදුහල්පතිතුමන්ගේ ඉල්ලීමකට අනුව 68 පාබල සේනාංකයේ භටපිරිස් විසින් පසුගිය සිකුරාදා (ජනවාරි මස 12) දින එම පාසල් පරිශ්‍රය වෙත ගුරුවරුන් සහ සිසු සිසුවියන් වෙනුවෙන් මේස සහ පුටු පරිත්‍යාගයක් සිදුකරනු ලැබීය.
68 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එස්. කස්තුරිමුදලි ආර්එස්පී එන්ඩීසී පීඑස්සී ගේ මූලිකත්වයෙන් සිදුකරනු ලැබූ පරිත්‍යාගය සිදුකිරීම සඳහා භටපිරිස් විසින් දේශිය අමුද්‍රව්‍ය භාවිතා කරමින් පුටු සහ මේස නිෂ්පාදනය කරනු ලැබූහ.
මෙම අවස්ථාව සඳහා 681 පාබල බලසේනාවේ බලසේනාධිපති ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගී වූහ.