01st April 2024 18:45:06 Hours
ආරක්ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් එම්.කේ.යූ.පී ගුණරත්න ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී අයිජී ගේ උපදෙස් මත නැගෙනහිර ප්‍රදේශයේ සිංහල සහ දමිළ සිසු දරු දැරියන්ගේ සහජීවනය වර්ධනය කිරීමේ අරමුණින් ‘භාෂාවෙන් සංහිඳියාව’ යන මැයෙන් වැඩසටහනක් පසුගිය අඟහරුවාදා (මාර්තු මස 30) දින ආරක්ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර දී පවත්වන ලදී.
මෙම වැඩසටහන මගින් නෙළුම්වැව මධ්‍ය මහා විද්‍යාලයේ සහ වැලිකන්ද සිංහපුර ප්‍රාථමික විද්‍යාලයේ සිංහල සිසු දරු දැරියන් 188 දෙනෙකුට දමිළ භාෂාව ඉගෙන ගැනීමටත්, රාමක්‍රිෂ්ණා මිෂන් විද්‍යාලයේ සහ මුදලිකුඩා මහා විද්‍යාලයේ දමිළ සිසු දරු දැරියන් 120 දෙනෙකුට සිංහල භාෂාව ඉගෙනීමටත් අවස්ථාව ලැබුණි.
වැඩසටහන අතරතුර, ආරක්ෂක සේනා ආඥාපති - නැගෙනහිර, ජාතීන් අතර සංහිඳියාව ප්‍රවර්ධනය සඳහා භාෂාවන් ඉගෙනීමේ වැදගත්කම පිළිබඳවත් ඔවුන්ගේ ද්විභාෂා හැකියාවන් තවදුරටත් වර්ධනය කර ගන්නා ලෙසත් සිසු දරුදැරියන් දිරිමත් කරමින්, රැස්ව සිටි පිරිස ඇමතීය. එහිදී එතුමන් ශ්‍රී ලංකා මෙතෝදිස්ත පල්ලියේ ගරු එබනේසර් ජෝසප් රදගුරුතුමන්, පාසල් විදුහල්පතිවරුන්, ගුරභවතුන්, සිසුන් සහ දෙමාපියන් ඇතුළු සහභාගී වූ සියලුම දෙනාට සිය කෘතඥතාව පළ කළේය. මෙම උත්සවය සමාප්තියේදී ආරක්ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර විසින් සංගීත වැඩසටහනක් ද පවත්වන ලද අතර, සහභාගී වූ සියලුම දෙනා සඳහා විශේෂ දිවා ආහාරයක්ද පිරිනමන ලදී.