25th March 2024 15:46:12 Hours
11 ගැමුණු හේවා බලකාය විසින් අක්‍ෂි ආබාධ සහිත නන්දිමිත්‍රගම ප්‍රදේශයේ පුද්ගලයින් සඳහා අක්‍ෂි වෛද්‍ය සායනයක් එම ඒකකයට අයත් ‘බී’ කණ්ඩායම් කඳවුරු පරිශ්‍රයේදී පසුගිය සෙනසුරාදා (මාර්තු මස 23) දින පවත්වන ලදී.
සායනය සදහා අක්‍ෂි ආබාධ සහිත පුද්ගලයින් 358 දෙනෙකු සහභාගී වූහ. වැඩසටහනේ පළමු අදියරේදී ඇස් කන්නාඩි පිරිනැමීම සිදුවූ අතර, අක්‍ෂි විශේෂඥ වෛද්‍යවරයෙකුගේ නිර්දේශ මත පුද්ගලයින් 65 දෙනෙකු ඇසේ සුද ඉවත් කිරිමේ ශල්‍යකර්මය සදහා ද යොමු කරන ලදි.
56 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එස් කස්තුරිමුදලි ආර්එස්පී එන්ඩීසී පීඑස්සී ගේ උපදෙස් මත පුනරුත්ථාපන හා නැවත පදිංචි කිරීමේ සහ සහයවීමේ සංවිධානයේ ලේඛම්, ආචාර්ය සර්වේෂ්වරන් මහතාගේ දායකත්වයෙන් මෙම වැඩසටහන පවත්වන ලදී.
මෙම වැඩසටහන සඳහා යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසු නිලයින්, එම සංවිධානයේ කාර්යය මණ්ඩලය සහ ප්‍රදේශවාසීන් පිරිසක් ද එක්ව සිටියහ.