19th April 2024 20:08:17 පැය
11 පාබල සේනාංකයේ භට පිරිස් විසින් වැලිමඩ ගල්දණ්ඩ ප්‍රදේශයේ අසරණ පවුලක් වෙනුවෙන් හිටපු යුද්ධ හමුදාධිපතිවරයෙක් වන ජෙනරල් දේශමාන්‍ය ජේ.ඊ. ඩෙනිස් පෙරේරා වීඑස්වී එන්ඩීසී පීඑස්සී ගේ පව්ලේ සාමාජිකයන්ගේ අනුග්‍රාහය ඇතිව 22 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් පී.ඒ.එම්. පීරිස් ආර්එස්පී යූඑස්පී පීඑස්සී ගේ සම්බන්ධීකරණයෙන් ඉදිකරන ලද නව නිවස 2024 අප්‍රේල් 15 දින ප්‍රතිලාභියා වෙත පවරා දෙන ලදී.
18th April 2024 18:05:55 පැය
6 ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ භටපිරිස් සම්බන්ධීකරනයෙන් උඩහමුල්ල ප්‍රදේශයේ පදිංචි යූ. අනුරාධ කොතලාවල මහතාගේ අනුග්‍රාහකත්වයෙන් අඩු ආදායම් ලාභී කිතුළුතුව, මොරවැව ප්‍රදේශයේ නිවාස අවශ්‍යතා සහිත පවුලක් වෙනුවෙන් ඉදිකර දෙනු ලැබූ නව නිවස අප්‍රේල් මස 09 දින එම නිවාස ලාභීන් වෙත භාර දෙන ලදී.
18th April 2024 18:02:41 පැය
ත්‍රිකුණාමලය, ශර්ධාපුර ප්‍රදේශයේ දැඩි ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ දිවිගෙවන නිවාස අවශ්‍යතා සහිත පවුලක් වෙනුවෙන් නව නිවසක් ඉදිකිරීම සඳහා 2024 අප්‍රේල් මස 04 දින මුල්ගල තැබිණි.
18th April 2024 17:50:18 පැය
24 පාබල සේනාංකය විසින් නායකත්ව පුහුණු වැඩසටහනක් අම්පාර ගෝනගල විද්‍යාලයේ සහ දීඝවාපිය සිංහල මහා විද්‍යාලයේ පාසල් දරු දැරියන් සඳහා අප්‍රේල් මස 09 වන දින පවත්වන ලදී.
17th April 2024 16:49:49 පැය
යුද්ධ හමුදාව මගින් නව නිවාසය ඉදිකර දීමේ සමාජ සත්කාරක ව්‍යාපෘතිය යටතේ මොල්ලිපොතාන, උතුර ග්‍රාම නිලධාරී වසමේ පදිංචි නිවාස අවශ්‍යතා සහිත පවුලක් සඳහා ඉදිකරන ලද නව නිවසය 22 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් පී.ඒ.එම්. පීරිස් ආර්එස්පී යූඑස්පී පීඑස්පී ගේ ප්‍රධානත්වයෙන් පසුගිය බ්‍රහස්පතින්දා (අප්‍රේල් මස 11) වන දින නිවාස ලාභීන් වෙත භාරදෙන ලදී.
17th April 2024 16:48:44 පැය
112 පාබල බලසේනාවේ භටපිරිස් විසින් පසුගිය සෙනසුරාදා (අප්‍රේල් මස 13) දින, සිංහල සහ දමිළ අලුත් අවුරුදු උත්සවයට සමගාමීව බදුල්ල, රිදීපාන, වැඩිහිටි නිවාසයේ නේවාසිකව සිටින ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා භෝජන සංග්‍රහයක් පිරිනමන ලදී.
16th April 2024 17:31:21 පැය
සේරුවාවිල ප්‍රදේශයේ නිවාස අවශ්‍යතා සහිත මල්ලිකා චන්ද්‍රලතා මහත්මිය වෙනුවෙන් ඉදිකරන ලද නව නිවස 2024 අප්‍රේල් මස 11 දින එම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගි වූ ආරක්ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් එම්.කේ.යූ.පී. ගුණරත්න ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී අයිජී විසින් නිවාස ලාභීන් වෙත නිල වශයෙන් භාරදෙන ලදී.
16th April 2024 17:25:50 පැය
ආරක්ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් එම්.කේ.යූ.පී. ගුණරත්න ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී අයිජී සිය ධූර කාලය තුළදී ශ්‍රී ලංකා මෙතෝදිස්ත සභාව වෙත සිදුකරන ලද සුවිශේෂී දායකත්වය වෙනුවෙන් එම සභාව විසින් 2024 අප්‍රේල් මස 11 දින කල්මුණේ මෙතෝදිස්ත දේවස්ථානයේදී උපහාර පිරිනැමීමේ උත්සවයක් සංවිධානය කරන ලදී. ශ්‍රී ලංකා මෙතෝදිස්ත පල්ලියේ අගරදගුරු ගරු එබනේසර් ජෝශප් පියතුමන්ගේ උපදෙස් මත මෙතෝදිස්ත ධර්ම සභාව විසින් මෙම උත්සවය සංවිධානය කරන ලදී.
16th April 2024 15:31:54 පැය
ඉස්ලාම් භක්තිකයන් රාම්සාන් මාසයේදී සිදුකරනු ලබන උපවාසය අත්හැරීම හෙවත් 'ඉෆ්තාර්' චාරිත්‍රය පුනානි ප්‍රදේශයේ ජිවත්වන ඉස්ලාමීය ප්‍රජාව සහභාගීත්වයෙන් 2024 අප්‍රේල් මස 8 දින 23 පාබල සේනාංක මූලස්ථානයේදී පැවැත්විය.
12th April 2024 16:50:04 පැය
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාව වෙතින් 2024 අප්‍රේල් මස 08 දින අලුත් අවුරුදු සැමරුම් උත්සවයක් පැවැත්වූ අතර ඒ සඳහා එම බලසේනාව යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් ද සහභාගී වූහ.