28th March 2024 13:38:55 Hours
පරිවාස හා ළමාරක්‍ෂක සේවා දෙපාර්තමේන්තුව සහ හපුතලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඒකාබද්ධව හපුතලේ ප්‍රදේශයේ අධ්‍යාපන කලාපයේ වෙසෙන දරු දැරියන්ගේ ආකල්ප සහ ගුණාංග වැඩිදියුණු කිරීමේ අරමුණින් 2024 මාර්තු මස 26 දින වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලැබීය.
‘ඇගයීමට ලක්වන දරුවෙකු වන්නේ කෙසේද’ තේමාව ඔස්සේ පැවති මෙම වැඩසටහන සඳහා පාසල් සිසු සිසුවියන් 260 දෙනෙකු සහභාගී වූහ. මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් එස්.ආර්.බී. අළුවිහාරේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී සහභාගී විය.
ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම ගේ උපදෙස් මත එම ආරක්‍ෂක සේනා මූලස්ථානයේ භටපිරිස් විසින් එහිදී යුද්ධ හමුදා තූර්ය වාදක කණ්ඩායමේ මූලිකත්වයෙන් සංගීත සංදර්ශනයක් පැවැත්වූ අතර බණ්ඩාරවෙල සිංහ සමාජයේ සහයෝගය ඇතිව තේ පැන් සංග්‍රහයක් ද පිරිනැමිණි.
මෙම අවස්ථාව සඳහා යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින්, රාජ්‍ය නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගී වූහ.