02nd April 2024 14:40:46 Hours
14 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කේ.ඒ.ඩබ්ලිව්.එන්.එච්. බණ්ඩාරනායක යූඑස්පී ගේ උපදෙස් සහ 141 පාබල බලසේනාවේ බලසේනාධිපතිතුමන්ගේ අධීක්‍ෂණය මත 6 ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ භටපිරිස් විසින් මීවිටිගම්මන ප්‍රදේශයේ දැඩි ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ දිවිගෙවන නිවාස අවශ්‍යතා සහිත පවුලක් වෙනුවෙන් නව නිවසක් ඉදිකරදීම සඳහා පසුගිය බ්‍රහස්පතින්දා (මාර්තු මස 28) දින මුල්ගල තැබිණි.
සබ්රි මහතා, සබීතා වින්දනී සරප් මහත්මිය සහ ‘Let us be a shadow foundation’ සංවිධානයේ ලේකම් ගිහාන් මලල්ගොඩ මහතා යන පරිත්‍යාගශීලීන්ගේ මූල්‍යමය අනුග්‍රාහකත්වය මත මෙම නව නිවස ඉදිකරනු ලබයි.
14 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන් ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ මුල්ගල තැබීමේ උත්සව අවස්ථාවට යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසුනිලයන්, නිවාසලාභී පවුලේ සාමාජිකයින් සහ ප්‍රදේශවාසීන් පිරිසක් ද එක්ව සිටියහ.