26th March 2024 10:48:20 Hours
59 පාබල සේනාංකය ‘Mas Holdings (Pvt) Ltd’ ආයතනය සමඟින් එක්ව මුලතිව් දිස්ත්‍රික්කයේ පදිංචිකරුවන් සඳහා නව රැකියා අවස්ථා ලබාදීම වෙනුවෙන් සම්මුඛ පරීක්‍ෂණයන් සිදුකිරීමේ වැඩසටහනක් පසුගිය සෙනසුරාදා (මාර්තු මස 16) දින ක්‍රියාත්මක කරනු ලැබීය.
සම්මුඛ පරීක්ෂණය සඳහා ප්‍රදේශවාසීන් 178 දෙනෙකු සහභාගී වූ අතර, මෙම වැඩසටහනේ මූලික අරමුණ වනුයේ එම ප්‍රදේශයේ පුද්ගලයන් සඳහා නව රැකියා අවස්ථා ලබාදීමයි.
59 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.එම්.පී.එම්. විජේසූරිය ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ගේ උපදෙස් මත 593 පාබල බලසේනාවේ බලසේනාධිපතිතුමන්ගේ අධීක්‍ෂණය යටතේ මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලැබීය.