Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

27th March 2024 19:10:35 Hours

නිවාස අවශ්‍යතා සහිත පවුලක් වෙනුවෙන් 112 පාබල බලසේනාවේ මූලිකත්වයෙන් නව නිවසක් ඉදිකිරීමට මුල්ගල් තබයි

19 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලකායේ භටපිරිස් විසින් ලක්‍ෂපාන ප්‍රදේශයේ ආර්ථික අපහසුතා මධ්‍යයේ දිවිගෙවන පවුලක් වෙනුවෙන් නව නිවසක් ඉදිකරදීම සඳහා මුල්ගල තැබීම 2024 මාර්තු මස 19 දින සිදුකරනු ලැබීය.

යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සංකල්පයකට අනුව ආරම්භ කෙරුණු මෙම වැඩසටහනට සමගාමීව ආර්ථික දුෂ්කරතා සහිත පවුල් වෙනුවෙන් ඒකක මට්ටමින් නව නිවාස ඉදිකරදෙනු ලබයි.

අංක 3/31 ඒ, කුඹුරුහේන, ලක්‍ෂපාන දරණ ලිපිනයේ පදිංචි නිවාසලාභී කේ.ජී. මාලා මංගලිකා මහත්මිය වෙනුවෙන් ඉදිකරනු ලබන නව නිවස වෙනුවෙන් මෙම උත්සවයේදී මුල්ගල් තැබිණි.

මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 112 බලසේනාවේ බලසේනාධිපති කර්නල් ඩබ්ලිව්.ඒ.ජේ. හේමචන්ද්‍ර ආර්එස්පී පීඑස්සී සහභාගී වූ අතර එම බලසේනාව යටතේ සේවයේ නියුතු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගී වූහ.