17th July 2024 09:36:59 පැය
51 පාබල සේනාංකය විසින් 2024 ජූලි මස 6 සහ 7 දින 14න් පහළ ක්‍රීඩකයින් සඳහා එම සේනාංක CIMIC උද්‍යානයේ පාපන්දු තරඟාවලියක් පවත්වන ලදී. මෙම තරඟාවලිය සඳහා කනිෂ්ඨ පාපන්දු කණ්ඩායම් 32ක් සහභාගි විය.
17th July 2024 08:39:00 පැය
කැලණිය විශ්වවිද්‍යාලය, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, මධ්‍යම සංස්කෘතික අරමුදල, සේරුවාවිල ප්‍රාදේශීය සභාව සහ සේරුවාවිල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සමඟ එක්ව සේරුවාවිල මංගල රජමහා විහාරයේ පෞරාණික සෙල්ලිපි ලේඛනගත කර සංරක්ෂණය කිරීමේ සුවිශේෂී වැඩපිළිවෙළක් ආරම්භ කර ඇත.
15th July 2024 15:11:14 පැය
ඉදිරියේ දී පැවත් වීමට නියමිත 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය වෙනුවෙන් 19 ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුවේ අණදෙන නිලධාරීගේ මඟපෙන්වීම යටතේ එම බලඇණියේ භටපිරිස් විසින් සිසු සිසුවියන්ගේ
15th July 2024 15:11:03 පැය
නෙදුන්කේනි ප්‍රදේශයේ අක්ෂි දුර්වලතා සහිත පුද්ගලයන්ට ප්‍රතිකාර ලබාදෙීමේ අරමුණින් 56 පාබල සේනාංකයේ භටපිරිස් විසින් සංවිධානය කළ අක්ෂි වෛද්‍ය කඳවුරක්බ16 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ "බී" කණ්ඩායමේ දී 2024 ජූලි මස 13 දින පවත්වන ලදී.
15th July 2024 12:05:07 පැය
ආරක්ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් එස්.ඒ කුලතුංග ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පි පිඑස්සි ගේ උපදෙස් මත 4 ගැමුණු හේවා බළඇණියේ අණදෙන නිළධාරි මේජර් එස්. පී.අයි.එච්. සේනානායක පීඑස්සී එල්එස්සී අධීක්ෂණයෙන් නිවාස අවශ්‍යතා සහිත පවුලක් වෙනුවෙන් අංග සම්පූර්ණ නව නිවසක් ඉදිකිරීම සඳහා 232 පාබල බළසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ආර්පීඑස් ප්‍රසාද් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ගේ සුරතින් 2024 ජූලි මස 12 දින මුල්ගල තබන ලදී.
15th July 2024 11:58:48 පැය
56 පාබල සේනාංකයේ භටපිරිස් විසින් පුතූර් සහ වවුනියාව ප්‍රදේශවල අක්ෂි දුර්වලතා සහිත පුද්ගලයන් වෙත උපකාර කිරීමේ අරමුණින් ඇස් කණ්ණාඩි බෙදාදීමේ වැඩසටහනක් 2024 ජූලි මස 10 දින පවත්වන ලදී. 16 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ "ඒ" කණ්ඩායම් බලප්‍රදේශයේ සහ රාජේන්ද්‍රකුලම් මහා විද්‍යාලයේදී මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන ලදී.
15th July 2024 11:54:13 පැය
කිලිනොච්චියේ සොලෙයිනගර් උමයලාපුරම් ප්‍රදේශයේ ජිවත් වන කේ සෙල්විජේනා මහත්මිය වෙත 55 පාබල සේනාංකයේ භටපිරිස් විසින් වියළි ආහාර සලාක ඇසුරුම් පරිත්‍යාගක් සිදු කරන ලදී. අවුරුදු 8 ක සහ අවුරුදු 17 ක දරුවන් දෙදෙනෙකු සමඟ ජිවත්වන ඇයගේ සැමියා වෙන් වී ඇති අතර, ඇයගේ අවුරුදු 8 ක් වයසැති පුත්‍රයා විශේෂ අවශ්‍යතා සහිත දරුවෙකි.
15th July 2024 11:50:14 පැය
ජලභීතිකා රෝගය පැතිරීමේ ඉහළ අවදානම වළක්වාලීමේ අරමුණින් 232 පාබල බලසේනා මූලස්ථානය සහ 12 ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළු කඳවුරු පරිශ්‍රයන් අවට සැරිසරන සුනඛයන් සහ බළලුන්ට ජලභීතිකා එන්නත, එන්නත් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලැබීය.
14th July 2024 06:40:43 පැය
241 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් එල්.එස්.ඩී.එන්. පතිරත්න ආර්එස්පී යූඑස්පී ගේ මගපෙන්වීම යටතේ එම බලසේනාවේ භට පිරිස් විසින් 2024 ජූලි මස 07 දින අම්පාර ධම්මරතන සිංහල විද්‍යාල භූමිය පිරිසිදු කිරීමේ වැඩසටහනක් පවත්වන ලදී.
14th July 2024 06:37:22 පැය
වෙරළ තීරයන් හි පරිසරය ආරක්ෂාකර ගැනීම අරමුණු කරගනිමින් කල්මුණේ වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහනක් 2024 ජූලි මස 07 දින සිදු කරනු ලැබීය. 241 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් එල්.එස්.ඩී.එන්. පතිරත්න ආර්එස්පී යූඑස්පී ගේ මගපෙන්වීම යටතේ 18 විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් විසින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරණු ලැබීය.