15th July 2024 11:54:13 Hours
කිලිනොච්චියේ සොලෙයිනගර් උමයලාපුරම් ප්‍රදේශයේ ජිවත් වන කේ සෙල්විජේනා මහත්මිය වෙත 55 පාබල සේනාංකයේ භටපිරිස් විසින් වියළි ආහාර සලාක ඇසුරුම් පරිත්‍යාගක් සිදු කරන ලදී. අවුරුදු 8 ක සහ අවුරුදු 17 ක දරුවන් දෙදෙනෙකු සමඟ ජිවත්වන ඇයගේ සැමියා වෙන් වී ඇති අතර, ඇයගේ අවුරුදු 8 ක් වයසැති පුත්‍රයා විශේෂ අවශ්‍යතා සහිත දරුවෙකි.
පැනනැගී ඇති දුෂ්කරතාවයන් පිළිබඳ ඇය 55 පාබල සේනාංක මූලස්ථානය වෙත පැවසීමෙන් අනතුරුව, 55 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ආර්.කේ.එන්.සී ජයවර්ධන ආර්එස්පී එන්ඩීසී විසින් මේ පිළිබඳ සොයා බලා ඇය සහ ඇගේ දරුවන් වෙනුවෙන් ලබාදිය හැනි සහයෝගය පිළිබඳ සොයා බැලීමට අවශ්‍ය උපදෙස් ලබාදෙන ලදී.
තවද, දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් පාසල් බෑග් සහ ලිපි ද්‍රව්‍ය ද පරිත්‍යාග ද සිදු කළේය.