26th July 2024 14:38:51 පැය
221 පාබල බලසේනාවේ භට පිරිස් විසින් 2024 ජූලි මස 20 දින කෝනේෂ්වරම් කෝවිල් පරිශ්‍රයේ දී අයිස්ක්‍රීම් දන්සලක් සංවිධානය කරන ලදී.
26th July 2024 14:27:51 පැය
ආර්ථික දුෂ්කරතාවයන්ට මුහුණ දෙන සිසු සිසුවියන්ට උපකාර කිරීමේ අරමුණින් 12 ගැමුණු හේවා බළකායේ භට පිරිස් විසින් 2024 ජූලි මස 19 දින අරලගංවිල මහවැලි ප්‍රථිභා රංග ශාලවේදි පාසල් උපකරණ බෙදා දීමේ වැඩසටහනක් පවත්වන ලදී.
25th July 2024 20:07:35 පැය
2024 ජුලි මස 6 දින සිට 2024 ජුලි මස 22 දක්වා රුහුණු මහා කතරගම දේවාලයේ පවත්වනු ලැබූ ඇසළ මහ පෙරහැර සඳහා 12 පාබල සේනාංකයේ භට පිරිස් ශ්‍රී ලංකා පොලීසිය සමඟ එක්ව ආරක්ෂාව සපයන ලදී.
25th July 2024 19:59:21 පැය
22 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් පී.ඒ.එම්. පීරිස් ආර්ඩබ්ලිව්පී යූඑස්පී පීඑස්සී ගේ මඟපෙන්වීම මත එම සේනාංකයේ භටපිරිස් විසින් 2024 ජූලි මස 21 දින ‘රේවත’ ළමා නිවාසයේ නේවාසික ළමුන් 30 දෙනෙකු වෙනුවෙන් ප්‍රණීත දිවා භෝජන සංග්‍රහයක් පිරිනමනු ලැබීය.
23rd July 2024 06:05:10 පැය
112 පාබල බලසේනාවේ භටපිරිස් විසින් 2024 ජූලි මස 21 දින මකුල්ඇල්ල වනාන්තර ප්‍රදේශයේ සීඝ්රයෙන් පැතිරගිය ලැව්ගින්නක් කඩිනමින් මැඩපැවැත්වීමට කටයුතු කරනු ලැබීය.
21st July 2024 19:19:21 පැය
ආරක්ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් බී.කේ.ජී.එම්.එල්. රොද්‍රිගෝ ආර්එස්පී පීඑස්සී අයිජී ගේ මඟපෙන්වීම මත 12 පාබල සේනාංකය වෙතින් 2024 ජුනි මස 30 දින යාපනයේ සිට කතරගම දක්වා වාර්ෂිකව පවත්වනු ලබන ‘පාද යාත්‍රා’ පාද වන්දනාවේ නිරත බැතිමතුන් වෙනුවෙන් සිය සහයෝගය දැක්වීය.
19th July 2024 18:16:08 පැය
75 යුද්ධ හමුදා දිනයට සමගාමීව ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ බලකාධිපතිතුන්ගේ මඟපෙන් වීම යටතේ එම බලකායේ භටපිරිස් විසින් 2024 ජූලි මස 18 දින රත්මලාන අන්ධ විද්‍යාලයේ පිරිසිදු කිරීමේ වැඩසටහනක් පවත්වන ලදී
19th July 2024 18:10:50 පැය
ගාල්ල ශාන්ත ඇලෝසියස් විද්‍යාලයේ සිසුන් 59 දෙනෙකු සඳහා 2024 ජූලි මස 18 දින කටුබැද්ද ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු මූලික වැඩපලේ දී එක්දින වැඩමුළුවක් පවත්වන ලදී. එම විද්‍යාලයේ විදුහල්පතිගේ ඉල්ලීම පරිදි වැඩමුළුව සංවිධානය කරන ලද අතර, මෙම වැඩමුළුව ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී සහ ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුවේ බලකාධිපති මේජර් ජෙනරල් එස්.පී.ඒ.අයි.එම්.බී. සමරකෝන් එච්ඩීඑම්සී එල්එස්සී විසින් මෙහෙයවන ලදී.
19th July 2024 18:06:47 පැය
වව්නියාවේ දමිළ වැසියන්ගේ කෘෂිකර්මයට හොද අස්වැන්නක් ලබා දීම සඳහා සූර්යාට සහ ඉන්ද්‍ර දෙවියන් වෙත උපහාරයක් වශයෙන් වාර්ෂීකව පවත්වන උත්සවය සමරනු ලැබීය. 2024 ජූලි 13, 14, සහ 15 යන දිනවල අරසර්පති ශ්‍රී කන්නකායි අම්මාන් රන් කෝවිලේදී පවත්වන ලද පූජාවට 56 පාබල සේනාංකයේ භටපිරිස් සහභාගි විය.
18th July 2024 20:18:05 පැය
ආරක්ෂක සේනා මූලස්ථානය - යාපනය ක්‍රියාත්මක නිවාස ව්‍යාපෘතියේ අංගයක් ලෙස ආරක්ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් එම්.ජි.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.සී.බී වික්‍රමසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී උපදෙස් පරිදි අභිනවයෙන් ඉදිකරන ලද නිවස 2024 ජූලි මස 16 දින මුහමලේ ප්‍රදේශයේ නිවාස අවශ්‍යතා ඇති පවුලක් වෙනුවෙන් පවරා දෙන ලදී. මෙම ව්‍යාපෘතියට පරිත්‍යාගශීලීන්ගේ නොමසුරු දායකත්වය ලැබිණි.