14th July 2024 06:34:44 පැය
රටේ විශාලතම ජාතික වනාන්තරවලින් එකක් වන යාල ජාතික වනෝද්‍යානය හෙක්ටයාර් 130,000 කට වඩා පැතිරී ඇති අතර, මහජනතාවට වනාතරය වෙත ප්‍රවේශ වීමට කලාප දෙකකින් සමන්විතය.
12th July 2024 14:57:21 පැය
රුහුණු කතරගම මහා දේවාලයේ බස්නායක නිලමේතුමන්ගේ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් 12 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන් විසින් එම දේවාලය සඳහා නව මුළුතැන්ගෙයක් ඉදිකිරීමට සහ බැතිමතුන්ට මැණික් ගඟේ සිට දේවාල පරිශ්‍රයට පිවිසීමට නව පියගැටපෙළක් ඉදිකිරීමේ කටයුතු ආරම්භ කරනු ලැබීය.
12th July 2024 13:22:34 පැය
මැණික් ගඟ හරහා ගමන්කරමින් සිටියදී 2024 ජුලි මස 06 දින ඛේදජනක අයුරින් කිඹුල් ප්‍රහාරයකට ලක්ව තුවාල ලැබූ බැතිමතෙකු ජීවිතක්ෂයට පත්විය. එම හේතුවෙන්, තවදුරටත් එවැනි සිදුවීම් වළක්වාගැනීම සඳහා මැණික් ගඟ හරහා අඩි 83 ක දිගකින් යුත් දැලක් සවිකරනු ලැබීය. 12 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන්ගේ අධීක්ෂණය මත නාවික හමුදාව, පොලීසිය සහ වනජීවී බලධාරීන්ගේ සහයෝගය ඇතිව මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලැබීය.
10th July 2024 20:03:50 පැය
අනුරාධපුර මහ රෝහලේ තැලසීමියා ඒකකයේ රෝගීන් 33 දෙනෙකු 2024 ජූලි මස 06 සහ 07 යන දිනයන්හිදී ආරක්ෂක සේනා මූලස්ථානය - යාපනයේ සංචාරයක නිරත වූහ. කන්කසන්තුරේ දුම්රිය ස්ථානය වෙත පැමිණි පිරිස එම ආරක්ෂක සේනා මූලස්ථානයේ මාණ්ඩලික නිලධාරීන් විසින් උණුසුම් ලෙස පිළිගනු ලැබීය.
10th July 2024 19:42:32 පැය
11 විජයබාහු පාබල රෙජිමේන්තුවේ අණදෙන නිළධාරීතුමන්ගේ මගපෙන්වීම යටතේ, එම බළඇණියේ භටපිරිස් විසින් තොණ්ඩමන්නාරු, සෙල්වසන්නදි කෝවිල අසල දැඩි ආර්ථික දුෂ්කරථා මධ්‍යයේ ජීවත් වන අඩු ආදායම් ලාභී පුද්ගලයින් සඳහා ආහාර පාර්සල් බෙදාදීමේ වැඩසටහනක් 2024 ජූලි මස 08 දින ක්‍රියාත්මක කරන ලදී.
09th July 2024 20:00:58 පැය
12 පාබල සේනාංකය සහ ‘Hope for Life' ලංකා පදනම සමඟ එක්ව 2024 ජූනි මස 29 දින බුත්තල, අලුත්වෙල රජමහා විහාර දහම් පාසලේ සිසු සිසුවියන් වෙනුවෙන් පාසල් උපකරණ, අභ්‍යාස පොත් සහ අනෙකුත් ලිපි ද්‍රව්‍ය බෙදා දීමේ වැඩසටහනක් පවත්වන ලදී.
09th July 2024 19:48:05 පැය
ආරක්ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් එම්.ජී.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.සී.බී වික්‍රමසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ගේ උපදෙස් සහ මඟපෙන්වීම යටතේ 51 පාබල සේනාංකය සහ උරුම්පිරායි යාපනය කනිෂ්ඨ පාපන්දු විද්‍යාපීඨය එක්ව කෝපායි, 51 පාබල සේනාංක මූලස්ථානයේ පිහිටි ‘CIMIC’ උද්‍යාන පාපන්දු ක්‍රීඩාංගණයේදී 2024 ජූලි මස 6 සහ 7 යන දිනයන්හිදී පාපන්දු තරඟාවලියක් පවත්වන ලදී.
09th July 2024 19:24:55 පැය
243 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් කේ.එම්.සී.එස්. කුමාරසිංහ ගේ මඟපෙන්වීම සහ 11 (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී මේජර් ඩී.එම්.එන්. පත්මසිරි ගේ අධීක්ෂණය මත එම ඒකකයේ භටපිරිස් විසින් 2024 ජුලි මස 01 සහ 02 දෙදින තුළ මඩකලපුව ප්‍රදේශයේ ස්ථාපිත ‘Little Sisters of the Poor’ වැඩිහිටි නිවාසය පිරිසිදු කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලැබීය.
07th July 2024 18:57:29 පැය
පුහුණු අධ්යක්ෂ මණ්ඩලයේ මඟපෙන්වීම මත 613 පාබල බලසේනාව යටතේ ස්ථාපිත 3 (ස්වේච්ඡා) ගැමුණු හේවා බලකායේ භටපිරිස් විසින් 2024 ජූලි 04 දින වැලිගම ශ්‍රී සුමංගල බාලිකා විද්‍යාලයේ සිසුවියන් 100 දෙනෙකු වෙනුවෙන් ‘නායකත්ව පුහුණු වැඩසටහනක්’ පැවැත්වීය.
04th July 2024 21:51:13 පැය
පූවරසන්කුලම් මහා විද්‍යාලයේ විදුහල්පති ඒ.මුරලිදරන් මහතාගේ ප්‍රධානත්වයෙන් කුරුඳු පැළ සිටවීම සහ බෙදා හැරීමේ වැඩසටහනක් 2024 ජූලි මස 02 දින ක්‍රියාත්මක කරනු ලැබීය.