15th July 2024 11:50:14 Hours
ජලභීතිකා රෝගය පැතිරීමේ ඉහළ අවදානම වළක්වාලීමේ අරමුණින් 232 පාබල බලසේනා මූලස්ථානය සහ 12 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළු කඳවුරු පරිශ්‍රයන් අවට සැරිසරන සුනඛයන් සහ බළලුන්ට ජලභීතිකා එන්නත, එන්නත් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලැබීය.
232 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ආර්.පී.එස්. ප්‍රසාද් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ගේ උපදෙස් මත ක්‍රියාත්මක කළ මෙම වැඩසටහනේදී පුලිපංචිකාල්, ඉරලකුලම් සහ තොප්පිගල ප්‍රදේශවල වෙසෙන සුනඛයන් සහ බළලුන් 112 දෙනෙකු එන්නත් කරනු ලැබීය.
මෙම වැඩසටහන සඳහා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ නිලධාරීන් තිදෙනෙක් සහභාගි වූහ.