Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

15th July 2024 11:58:48 Hours

56 පාබල සේනාංකයේ භටපිරිස් ඇස් කණ්ණාඩි බෙදාදීමේ වැඩසටහනකට සහය වෙති

56 පාබල සේනාංකයේ භටපිරිස් විසින් පුතූර් සහ වවුනියාව ප්‍රදේශවල අක්‍ෂි දුර්වලතා සහිත පුද්ගලයන් වෙත උපකාර කිරීමේ අරමුණින් ඇස් කණ්ණාඩි බෙදාදීමේ වැඩසටහනක් 2024 ජූලි මස 10 දින පවත්වන ලදී. 16 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ "ඒ" කණ්ඩායම් බලප්‍රදේශයේ සහ රාජේන්ද්‍රකුලම් මහා විද්‍යාලයේදී මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන ලදී.

එම ප්‍රදේශයන් දෙකෙහි පවත්වනු ලැබූ අක්‍ෂි සායනයේ දී අක්‍ෂි දුර්වලතා සහිත රෝගීන් 310 දෙනෙකු හඳුනාගෙන ඇස් කණ්ණාඩි ලබා දීමේ වැඩසටහන සඳහා යොමු කරන ලදී

56 පාබල සේනාංකයේ භටපිරිස් විසින් මෙම වැඩසටහන සඳහා සහභාගී වූ සියලු දෙනාම වෙනුවෙන් ආහාරපාන ලබා දෙන ලදී.

පුනරුත්ථාපනය සඳහා සහය දිමේ සහ නැවත පදිංචි කිරිමේ සංවිධානයේ ලේකම්, ආචාර්ය වී සර්වේෂ්වරන් මැතිතුමාගේ සහ මැලේසියාවේ ස්ථාපිත ආලක සහ ආනන්ද පදනමේ නොමසුරු දායකත්වයෙන් මෙම වැඩසටහන පවත්වන ලදී.

56 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එස් කස්තුරිමුදලි ආර්එස්පී එන්ඩිසී පිඑස්සී ජ්‍යෙෂ්ඨ නිළධාරිගේ මගපෙන්විම යටතේ මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන ලදී.

මෙම වැඩසටහන සඳහා 56 පාබල සේනාංකයේ සේනාංකාධිපති, 561 පාබල බලසේනාවේ බල සේනාධිපති, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසු නිලයන්, පුනරුත්ථාපන හා නැවත පදිංචි කිරීමේ සංවිධානයේ කාර්ය මණ්ඩලය සහ ප්‍රදේශවාසීන් සහභාගී වූහ.