11th August 2024 20:55:12 පැය
සෙවණපිටිය නෙළුම්වැව උසස් පාසලෙහි විදුහල්පතිතුමාගේ ඉල්ලීම පරිදි පාසල් ශිෂ්‍ය නායක නිල ලාංඡන ප්රදානය කිරීමේ උත්සවයට ආරක්ෂක සේනා ආඥාපති - නැගෙනහිර නියෝජනය කරමින් ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ව්‍යාපෘති නිලධාරී බ්‍රිගේඩියර් එල් එච් එම් රාජපක්ෂ ආර්ඩබ්ලිව්පි ආර්එස්පි 2024 අගෝස්තු මස 09 දින සහභාගී විය.
11th August 2024 20:54:07 පැය
ආරක්ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් එම්.ජි.ඩබ්ලිව් .ඩබ්ලිව්. ඩබ්ලිව් .එම්.සී.බී වික්‍රමසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ගේ නායකත්වය යටතේ 55 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ආර්.කේ.එන්.සී ජයවර්ධන ආර්එස්පී එන්ඩීසී ගේ මගපෙන්වීම මත කිලිනොච්චියේ පුනරින් ජයපුරම් පාසලේදී 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණයක් 2024 අගෝස්තු මස 10 දින පවත්වන ලදී. 552 පාබල බලසේනාවේ බලසේනාධිපති කර්නල් සී.ඩී වෙලගෙදර යූඑස්පී අයිජී අධීක්ෂණය යටතේ පැවැත්වූ මෙම වැඩසටහන සඳහා 22 විජයබාහු පාබල රෙජිමේන්තුව සහ 2 ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුව විසින් සහය දක්වන ලදී.
10th August 2024 12:53:13 පැය
74 වන ඇසළ මහා පෙරහැර මංගල්‍යයට පෙර විහාරස්ථානය සුදානම් කිරීමේ අවශ්‍යතාවයක් මත 142 පාබල බලසේනාවේ බලසේනාධිපතිතුමාගේ උපදෙස් පරිදි බෙල්ලන්විල රජ මහා විහාරස්ථානය පිරිසිදු කිරීම, අලුත්වැඩියා කිරීම සහ මූලික පහසුකම් වැඩිදියුණු කිරීම 2024 ජූලි මස 24 දින ආරම්භ වූ අතර, එම බලසේනාවේ භට පිරිස් 2024 අගෝස්තු මස 06 දින දක්වා එම ප්රජාසත්කාරක වැඩසටහන සිදුකරන ලදී.
10th August 2024 12:51:51 පැය
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 75 වන සංවත්සරයට සමගාමීව, 3 ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ භට පිරිස් විසින් සෙල්ල කතරගම ප්‍රදේශයේ නිවාස අවශ්‍යතා ඇති පවුලක් වෙනුවෙන් අභිනවයෙන් ඉදිකරන ලද නිවස 2024 අගෝස්තු මස 6 දින ප්රථීලාභීයා වෙත පවරා දෙන ලදී.
10th August 2024 12:44:37 පැය
ආරක්ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් එස්.ඒ. කුලතුංග ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී පීඑස්සී ගේ උපදෙස්මත, 22 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් පී.ඒ.එම්. පීරිස් ආර්එස්පී යූඑස්පී පීඑස්සී ගේ අධික්ෂණය යටතේ 5 ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ භට පිරිස් විසින් රජවැව තල්ගස්වැව ප්‍රදේශයේ නිවාස අවශ්‍යතා ඇති පුද්ගලයෙකු සදහා නව නිවසක් 2024 අගෝස්තු මස 7 දින සාදා නිමකර දෙන ලදී.
09th August 2024 08:12:33 පැය
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 75 වන සංවත්සරයට සමගාමීව වැලිඔය මොණරවැව ප්‍රදේශයේ අභිනවයෙන් ඉඳිකරන ලද නිවසක් ප්රථිලාභින් වෙත 2024 අගෝස්තු මස 05 දින පවරා දෙන ලදී.
09th August 2024 08:08:57 පැය
ත්‍රිකුණාමලය, මොරවැව ප්‍රදේශයේ අසරණ පවුලක් සඳහා නව නිවසක් ඉඳිකිරීම වෙනුවෙන් මුල්ගල් තැබීමේ උත්සවයක් 2024 අගෝස්තු මස 01 දින ආගමික වතාවත් මධ්‍යයේ පැවැත්විණි.
07th August 2024 18:52:29 පැය
ආරක්ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් ජේ.පී.සී. පීරිස් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී ගේ උපදෙස් පරිදි 56 පාබල සේනාංකයේ භට පිරිස් විසින් 2024 අගෝස්තු මස 04 දින පරසන්කුලම් ප්‍රදේශයේ කුරුඳු වගා වැඩසටහනක් ක්‍රියාත්ම කරනු ලැබීය.
06th August 2024 19:23:43 පැය
10 ශ්‍රී ලංකා පාබල හමුදාවේ භට පිරිස් විසින් 2024 ජූලි මස 31 දින කොල්ලවිලන්කුලම් මාරන් පෙරපාසලේ දරුදැරියන් සඳහා දිවා භෝජන සංග්‍රහයක් පවත්වන ලදී.
05th August 2024 17:17:13 පැය
56 පාබල සේනාංකය, විශේෂ කාර්ය බළකා දෙපාර්තමේන්තුව, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සහ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සමඟි එම සේනාංක මූලස්ථානයේදී 2024 ජූලි මස 30 දින ආරක්ෂක සාකච්ජාවක් පවත්වන ලදී. පුරාවිද්‍යා ස්ථානවල ආරක්ෂාව, වන සංරක්ෂණය, වනජීවී සහ එහි දී මුහුණ දෙන කරුණු පිළිබඳ මෙම සාකච්චාවේදී අවධානය යොමුවිය.