15th July 2024 15:11:03 Hours
නෙදුන්කේනි ප්‍රදේශයේ අක්‍ෂි දුර්වලතා සහිත පුද්ගලයන්ට ප්‍රතිකාර ලබාදෙීමේ අරමුණින් 56 පාබල සේනාංකයේ භටපිරිස් විසින් සංවිධානය කළ අක්‍ෂි වෛද්‍ය කඳවුරක්බ16 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ "බී" කණ්ඩායමේ දී 2024 ජූලි මස 13 දින පවත්වන ලදී.
මෙම වැඩසටහන අදියර දෙකකින් ක්‍රියාත්මක වූ අතර, පළමු අදියරේදී අක්‍ෂි දුර්වලතා සහිත පුද්ගලයින් 291 දෙනෙකු සහ දෙවන අදියරේදී රෝගීන් 33 දෙනෙකු වෙනුවෙන් ඇසේ සුඳ ඉවත් කිරීමේ සැත්කම් ද, රෝගීන් 10 දෙනෙකුට ඇස් කණ්ණාඩි සහ අක්‍ෂි පරීක්ෂා කරන ලද රෝගීන් 211 දෙනෙකුට කියවීමේ කණ්නාඩි ප්‍රදානය කිරීම සිදුකරනු ලැබීය
පුනරුත්ථාපන සහ නැවත පදිංචි කිරිමට සහයවිමේ සංගමයේ ලේකම් වෛද්‍ය සර්වේෂ්වරන් මහතාගේ දායකත්වය ඇතිව, 56 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එස් කස්තුරිමුදලි ආර්එස්පී එන්ඩිසී පිඑස්සී ජ්‍යෙෂ්ඨ නිළධාරිගේ මඟපෙන්විම යටතේ මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන ලදී.
මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් සහභාගි වූහ