04th July 2024 16:34:36 පැය
වවුනියා කොට්ඨාශ පාසල් ක්‍රීඩා තරඟාවලිය වවුනියාව දමිළ මධ්‍ය මහා විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී 2024 ජූලි මස 01 දින පැවැත්විණි. 56 පාබල සේනාංකයේ භටපිරිස්හි සහයෝගය මත වවුනියාව කලාප අධ්‍යාපන කාර්යාලය වෙතින් මෙම ක්‍රීඩා උත්සවය සංවිධානය කරනු ලැබීය.
03rd July 2024 17:11:22 පැය
බිබිල ප්‍රාදේශීය ලේකම්වරයාගේ ඉල්ලීමකට අනුව 12 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන්ගේ මඟපෙන්වීම මත එම පාබල සේනාංකයේ භටපිරිස් විසින් 2024 ජූනි මස 28 දින බිබිල, වෙල්ලස්ස ජාතික විද්‍යාලයේ සිසු සිසුවියන්ට තර්ජනයක්ව පැවති අනතුරුදායක ගසක් කපා ඉවත් කරනු ලැබීය.
03rd July 2024 17:07:12 පැය
541 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් බී.වයි.සී. ප්‍රනාන්දු ආර්ඩබ්ලිව්පී යූඑස්පී ගේ මඟපෙන්වීම මත එම බලසේනාවේ භටපිරිස් මන්/කල්ලිඅඩි රජයේ දමිළ මිශ්‍ර පාසල් සිසු සිසුවියන්ගේ දෙමාපියන් හා එක්වී 2024 ජුනි මස 28 දින එම පාසල් පරිශ්‍රය පිරිසිදු කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලැබීය.
03rd July 2024 13:38:38 පැය
10 (ස්වෙච්ඡා) විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස්, ප්‍රදේශවාසීන්ගේ සහයෝගය මත 2024 ජූලි මස 01 දින චැම්පියන් පත්තු ප්‍රදේශයේ පිහිටි මඩු මැණි දේවස්ථානය පිරිසිදු කිරීමේ ප්‍රජා සත්කාරක වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලැබීය.
02nd July 2024 18:41:43 පැය
54 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එම්.ටී.අයි. මහලේකම් ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී පීඑස්සී ගේ උපදෙස් මත වෛද්‍ය සී. හමිත් නානායක්කාර මහතා සහ ඔහුගේ වෛද්‍ය කණ්ඩායම සමඟ එක්ව මන්නාරම ප්‍රදේශයේ ජලභීතිකා රෝගය තුරන් කිරීම සඳහා එන්නත් කිරීමේ වැඩසටහනක් පවත්වන ලදී.
02nd July 2024 18:40:57 පැය
ශ්‍රී රහතන්කන්ද ආරණ්‍ය සේනාසනය විසින් 2024 ජූනි මස 21 දින සිට 23 දින දක්වා පොසොන් උත්සව වැඩසටහනක් පවත්වනු ලැබූ අතර, එහි ආරම්භය සනිටුහන් කරමින් යුද්ධ හමුදා යුධ විද්‍යාලයේ සේනාවිධායක මේජර් ජෙනරල් යූ.කේ.ඩී.ඩී.පී උඩුගම ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී පීඑස්සී විසින් විහාරස්ථානයේ පිහිටි වීර කැප්පෙටිපොල චෛත්‍යය ආලෝකමත් කරනු ලැබීය. අනතුරුව, පූජ්‍ය ඇල්පිටියේ සුමනරතන හිමියන් විසින් පවත්වනු ලැබූ බුද්ධ වන්දනා වැඩසටහන සඳහා පැමිණ සිටි සියලු දෙනාම සහභාගී වූහ.
01st July 2024 18:13:07 පැය
24 පාබල සේනාංකය විසින් හෑගොඩ ශ්‍රී ඉන්ද්‍රසාර විද්‍යාලයේ ළමුන් 54 දෙනෙකු සඳහා නායකත්ව පුහුණු වැඩසටහනක් 2024 ජුලි මස 28 දින පවත්වන ලදී. 24 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.එල්.ඒ.සී පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ගේ උපදෙස් මත පාසල් ළමුන්ගේ අනාගත නායකත්ව කුසලතා වර්ධනය කිරීම අරමුණින් මෙම පුහුණු වැඩසටහන පවත්වනු ලැබීය.
01st July 2024 18:02:57 පැය
නැගෙනහිර පළාත් පොසොන් උදාන 2024 තරඟය 2024 ජුනි මස 21 දින සිට 26 දින දක්වා අම්පාරේදී පැවැත්විණි. එම තරඟය සඳහා යුද්ධ හමුදාව, රාජ්‍ය ආයතන සහ සිවිල් වැසියන් විසින් පොසොන් පහන් කූඩු 150ක් ප්‍රදර්ශනය කර තිබුණි.
01st July 2024 17:59:19 පැය
පොසොන් පොහොය දිනය නිමිත්තෙන් 12 පාබල සේනාංකය යටතේ රාජකාරියෙහි නියුතු භටපිරිස් විසින් 2024 ජූනි මස 21 දින සිට 24 දින දක්වා බෙලිඅත්ත ප්‍රදේශයේ විශේෂ පොසොන් කලාපයක් සංවිධානය කරන ලදී.
29th June 2024 22:27:39 පැය
4 ශ්‍රී ලංකා පාබල හමුදාව විසින් කීරගොල්ල සහ අබුලඹේ ප්‍රදේශවල අඩුආදායම් ලාභී පවුල් සඳහා වියළි ආහාර සලාක ඇසුරුම් 100 ක් බෙදා දීමේ වැඩසටහනක් 2024 ජුනි මස 28 දින කීරගොල්ල ප්‍රාථමික විද්‍යාලයේ දී ක්‍රියාත්මක කරන ලදී.