Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

17th July 2024 09:36:59 Hours

51 පාබල සේනාංකයේ මූලිකත්වයෙන් අවුරුදු 14න් පහළ පාපන්දු තරඟාවලියක් පවත්වයි

51 පාබල සේනාංකය විසින් 2024 ජූලි මස 6 සහ 7 දින 14න් පහළ ක්‍රීඩකයින් සඳහා එම සේනාංක CIMIC උද්‍යානයේ පාපන්දු තරඟාවලියක් පවත්වන ලදී. මෙම තරඟාවලිය සඳහා කනිෂ්ඨ පාපන්දු කණ්ඩායම් 32ක් සහභාගි විය.

අවසන් තරඟ වටය සඳහා කිලිනොච්චි ඊගල් කනිෂ්ඨ පාපන්දු කණ්ඩායම සහ යාපනය ගුරුනගර් සෙන්රොක් කනිෂ්ඨ කණ්ඩායම සමග තරඟ වැදුණු අතර, උණුසුම් තරඟයකින් අනතුරුව ගුරුනගර් සෙන්රොක් කනිෂ්ඨ කණ්ඩායම ශූරතාවය හිමිකරගනු ලැබීය.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 51 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.බී.ජේ.කේ විමලරත්න ආර්ඩබ්ලිව්පී ආර්එස්පී සහභාගී වූ අතර, ජයග්‍රාහී ගුරුනගර් සෙන්රොක් කණ්ඩායමට පදක්කම්, කුසලාන සහ රුපියල් 50,000.00 මුදල් ත්‍යාගයක් ද ප්‍රදානය කරන ලදී.

යාපනය දිස්ත්‍රික්කයේ කීර්තිමත් පාපන්දු ක්‍රීඩකයෙකු වන 80 හැවිරිදි සින්න මෝනේ සෙල්වරත්නම් මහතාට උපහාර දැක්වීමද මෙම තරඟාවලියේදී සිදු විය.