Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

15th July 2024 15:11:14 Hours

19 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවේ මූලිකත්වයෙන් 5 ශ්‍රේණියේ සිසු සිසුවියන් සඳහා ගණිත සම්මන්ත්‍රණයක්

ඉදිරියේ දී පැවත් වීමට නියමිත 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය වෙනුවෙන් 19 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවේ අණදෙන නිලධාරීගේ මඟපෙන්වීම යටතේ එම බලඇණියේ භටපිරිස් විසින් සිසු සිසුවියන්ගේ දැනුම වර්ධනය කිරීම සඳහා සංවිධානය කළ ගණිතය පිළිබඳ සම්මන්ත්‍රණයක් ලක්ෂපාන ප්‍රාථමික විද්‍යාලයේ දී 2024 ජූලි මස 14 දින පවත්වන ලදී. කීර්තිමත් ගණිත ගුරුවරයෙකු වන කිත්සිරි ලියනගේ මහතා විසින් මෙහෙයවන ලද සම්මන්ත්‍රණය සඳහා පාසල් 9 ක සිසු සිසුවියන් 120 ක් සහභාගි වූහ.