Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

09th August 2024 08:12:33 Hours

9 බලඇණිය ගජබා රෙජිමේන්තුව විසින් නිවාස අවශ්‍යතා ඇති පවුලකට නව නිවසක්

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 75 වන සංවත්සරයට සමගාමීව වැලිඔය මොණරවැව ප්‍රදේශයේ අභිනවයෙන් ඉඳිකරන ලද නිවසක් ප්‍රථිලාභින් වෙත 2024 අගෝස්තු මස 05 දින පවරා දෙන ලදී.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් ජේ.පී.සී පීරිස් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී සහභාගී විය. මෙම නිවසව ඉදිකිරීම සඳහා මහජන බැංකුවේ ප්‍රාදේශීය කළමනාකරු අසිත ධනවලවිතාන මහතාගේ අනුග්‍රාහක දායකත්වය සහ 9 බලඇණිය ගජබා රෙජිමේන්තුවේ භට පිරිස් වල ශ්‍රම දායකත්වය ලැබිණි.

මෙම අවස්ථාවට 21 පාබල සේනාංකයේ සේනාංකාධිපති, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයන්ද සහභාගී වූහ.