Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

09th August 2024 08:08:57 Hours

නිවාස අවශ්‍යතා ඇති පවුලක් වෙනුවෙන් තවත් නිවාසයකට මුල්ගල තබයි

ත්‍රිකුණාමලය, මොරවැව ප්‍රදේශයේ අසරණ පවුලක් සඳහා නව නිවසක් ඉඳිකිරීම වෙනුවෙන් මුල්ගල් තැබීමේ උත්සවයක් 2024 අගෝස්තු මස 01 දින ආගමික වතාවත් මධ්‍යයේ පැවැත්විණි.

22 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් පී.ඒ.එම්. පීරිස් ආර්එස්පී යූඑස්පී පීඑස්සී ගේ උපදෙස් සහ අධීක්‍ෂණය යටතේ ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බළකායේ භට පිරිස් විසින් මෙම වැඩසටහන සංවිධානය කරන ලදී. ස්විට්සර්ලන්තයේ වෙසෙන දානපතියෙක් වන ප්‍රභාත් පෙරේරා මහතා සහ එම මහත්මිය විසින් නව නිවසේ ඉඳිකිරීම සඳහා මූල්‍ය අනුග්‍රාහක දායකත්වය ලබා දීම සිදු කරනු ලබන අතර, 4 ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බළකායේ භට පිරිස් විසින් නිවස ඉඳිකිරීම් කටයුතු සඳහා ශ්‍රමදායකත්වය ලබා දීම සිදුකරනු ලබයි.

මෙම උත්සවයට එම ඒකකයේ අණදෙන නිලධාරී, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයන්ද සහභාගී වූහ.