Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

11th August 2024 20:55:12 Hours

සෙවනපිටිය නෙළුම්වැව මහා විද්‍යාලීය නව ශිෂ්‍ය නායක නායිකාවන් සඳහා නිල ලාංඡන පලදවයි

සෙවණපිටිය නෙළුම්වැව උසස් පාසලෙහි විදුහල්පතිතුමාගේ ඉල්ලීම පරිදි පාසල් ශිෂ්‍ය නායක නිල ලාංඡන ප්‍රදානය කිරීමේ උත්සවයට ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර නියෝජනය කරමින් ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ව්‍යාපෘති නිලධාරී බ්‍රිගේඩියර් එල් එච් එම් රාජපක්‍ෂ ආර්ඩබ්ලිව්පි ආර්එස්පි 2024 අගෝස්තු මස 09 දින සහභාගී විය.

විද්‍යාල පරිශ්‍රයට සපැමිණි ප්‍රධාන ආරාධිත අමුත්තා එම විද්‍යාලයෙහි විදුහල්පතිතුමා ඇතුළු ආචාර්ය මණ්ඩලය විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. අනතුරුව, එතුමන් සිසුන් 45 දෙනෙකුට ශිෂ්‍ය නායක ලාංඡන පලන්දවන ලදී. මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, පාසල් කාර්ය මණ්ඩලය සහ දෙමාපියන්ද සහභාගි වූහ.