10th August 2024 12:51:51 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 75 වන සංවත්සරයට සමගාමීව, 3 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භට පිරිස් විසින් සෙල්ල කතරගම ප්‍රදේශයේ නිවාස අවශ්‍යතා ඇති පවුලක් වෙනුවෙන් අභිනවයෙන් ඉදිකරන ලද නිවස 2024 අගෝස්තු මස 6 දින ප්‍රථීලාභීයා වෙත පවරා දෙන ලදී.
මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් බී.කේ.ජී.එම්.එල් රොද්‍රිගෝ ආර්එස්පී පීඑස්සී අයිජි සහභාගී විය. මෙම ව්‍යාපෘතිය හිරෝෂ් ජයතිලක මහතා සහ ඔහුගේ පවුලේ සාමාජිකයින්ගේ මූල්‍ය අනුග්‍රාහක දායකත්වය ලබාදුන් අතර, 3 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ අණදෙන නිලධාරිගේ අධීක්ෂණය යටතේ එම ඒකකයේ භට පිරිස්වල තාක්‍ෂණික සහ ශ්‍රම දායකත්වයෙන් එම නිවස ඉදිකරනු ලැබීය.
මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසු නිලයන්, පරිත්‍යාගශීලීන් සහ ප්‍රතිලාභීයාගේ පවුලේ ඥාතීන් සහභාගී වූහ.