25th August 2024 08:03:30 පැය
23rd August 2024 17:35:40 පැය
සේරුවිල මංගල රාජමහා විහාරාධිපති පූජ්‍ය අළුදෙණියේ සුබෝධි හිමියන්ගේ සංකල්පයකට අනුව 9 විජයබාහු පාබල රෙජිමේන්තුවේ භට පිරිස් විසින් සේරුවිල නෙළුම්ගම ප්‍රදේශයේ අසරණ පවුලකට නව නිවසක් ඉඳිකර දෙන ලදී.
22nd August 2024 20:50:11 පැය
6 ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බළකායේ භට පිරිස් විසින් ත්‍රිකුණාමලය බක්මීගම ප්‍රදේශයේ අවශ්‍යතා ඇති පවුලක් වෙනුවෙන් අභිනවයෙන් ඉදිකරන ලද නිවසක් ප්රථිලාභින් වෙත 2024 අගෝස්තු මස 20 දින පවරා දෙන ලදී.
21st August 2024 14:33:37 පැය
19 ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුවේ භට පිරිස් විසින් ලක්ෂපාන මධ්‍ය මහා විද්‍යාලයේදී ‘කවි බණ’ ධර්ම දේශනාවක් 2024 අගෝස්තු මස 16 දින සංවිධානය කරන ලදී. සිවිල් වැසියන් සහ හමුදා සාමාජිකයන් අතර අනොන්‍යය බැඳීම ශක්තිමත් කිරීම මෙම වැඩසටහන සංවිධානය කිරීමේ අරමුණ විය.
20th August 2024 19:10:13 පැය
ත්‍රිකුණාමලයේ රේවත ළමා නිවාසයේ නේවාසික දැරියන් 29 දෙනෙකු සහ පාලිකාවන් තිදෙනෙකු සදහා ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය ඉහළ නැංවීම වෙනුවෙන් වෛද්‍ය සායනයක් 2024 අගෝස්තු මස 18 දින පවත්වන ලදී.
20th August 2024 19:09:41 පැය
24 පාබල සේනාංකයේ සේනාංකාධිපති සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා බේස්බෝල් කමිටුවේ සභාපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.එල්.ඒ.සී පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරීතුමන්ගේ මඟපෙන්වීම යටතේ බේස්බෝල් ක්‍රීඩාවේ නිපුණතාවය සහ දැනුම වැඩිදියුණු කිරීමේ අරමුණු කරගනිමින් 2024 අගෝස්තු මස 16 දින විශේෂ පුහුණු කඳවුරක් සංවිධානය කර තිබිණි.
20th August 2024 19:08:22 පැය
24 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.එල්.ඒ.සී පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ගේ මඟපෙන්වීම යටතේ අම්පාර/උහන ප්‍රාථමික පාසලේ සහ අම්පාර/ශ්‍රී සුමංගල විද්‍යාලයේ සිසුන් 96 දෙනෙකු සඳහා නායකත්ව වැඩසටහනක් 2024 අගෝස්තු මස 15 දින පවත්වන ලදී.
20th August 2024 19:06:55 පැය
243 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් කේ.එම්.සී.එස් කුමාරසිංහ ගේ මඟපෙන්වීම යටතේ 2024 අගෝස්තු මස 14 සහ 15 දින වල මඩකලපුව ගාන්ධි උද්‍යානයේදී පිරිසිදු කිරීමේ ප්රජාසත්කාරක වැඩසටහනක් සාර්ථක අයුරින් සංවිධානය කර තිබිණි.
20th August 2024 18:58:29 පැය
12 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ජේ.එස්.බී.ඩබ්ලිව් පල්ලෙකුඹුර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී ගේ මඟපෙන්වීම මත 121 පාබල බලසේනාවේ බලසේනාධිපතිගේ අධීක්ෂණය යටතේ 20 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු භට පිරිස් විසින් 2024 අගෝස්තු 17 දින වැල්ලවාය, හඳපානාගල ප්‍රදේශයේ පිහිටි මෙත් සේවා පදනම් නිවහනේදී පිරිසිදු කිරීමේ සහ විනෝදාස්වාද වැඩසටහනක් පවත්වන ලදී.
20th August 2024 18:53:31 පැය
12 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ජේ.එස්.බී.ඩබ්ලිව්. පල්ලෙකුඹුර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී මඟපෙන්වීම යටතේ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 75 වන සංවත්සරයට සමගාමීව 12 ගජබා රෙජිමේන්තුවේ භට පිරිස් විසින් හම්බන්තොට අන්දරගස්යාය පාසලේදී පිරිසිදු කිරීමේ ප්රජාසත්කාරක වැඩසටහනක් 2024 අගෝස්තු මස 12 දින ක්‍රියාත්මක කරන ලදී.