05th August 2024 17:17:13 Hours
56 පාබල සේනාංකය, විශේෂ කාර්ය බළකා දෙපාර්තමේන්තුව, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සහ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සමඟි එම සේනාංක මූලස්ථානයේදී 2024 ජූලි මස 30 දින ආරක්ෂක සාකච්ජාවක් පවත්වන ලදී. පුරාවිද්‍යා ස්ථානවල ආරක්ෂාව, වන සංරක්ෂණය, වනජීවී සහ එහි දී මුහුණ දෙන කරුණු පිළිබඳ මෙම සාකච්චාවේදී අවධානය යොමුවිය.
56 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එස් කස්තුරිමුදලි ආර්එස්පී එන්ඩීසී පීඑස්සී, 561 සහ 562 පාබල බලසේනාවන්හි බලසේනාධිපතිවරුන්, දිස්ත්‍රික් වන නිලධාරී, පුරාවිද්‍යා ප්‍රාදේශීය නිලධාරින්, වව්නියාව විශේෂ කාර්ය බලකා කඳවුරු අණදෙන නිලධාරී පොලිස් නිලධාරීන් මෙම සමුළුව සඳහා සහභාගී වූහ.