Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

10th August 2024 12:53:13 Hours

74 වන ඇසළ මහා පෙරහැර මංගල්‍යය වෙනුවෙන් බෙල්ලන්විල රජමහා විහාරස්ථානය පිරිසිදු කිරීමේ වැඩසටනක්

74 වන ඇසළ මහා පෙරහැර මංගල්‍යයට පෙර විහාරස්ථානය සුදානම් කිරීමේ අවශ්‍යතාවයක් මත 142 පාබල බලසේනාවේ බලසේනාධිපතිතුමාගේ උපදෙස් පරිදි බෙල්ලන්විල රජ මහා විහාරස්ථානය පිරිසිදු කිරීම, අලුත්වැඩියා කිරීම සහ මූලික පහසුකම් වැඩිදියුණු කිරීම 2024 ජූලි මස 24 දින ආරම්භ වූ අතර, එම බලසේනාවේ භට පිරිස් 2024 අගෝස්තු මස 06 දින දක්වා එම ප්‍රජාසත්කාරක වැඩසටහන සිදුකරන ලදී.