11th August 2024 20:54:07 Hours
ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් එම්.ජි.ඩබ්ලිව් .ඩබ්ලිව්. ඩබ්ලිව් .එම්.සී.බී වික්‍රමසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ගේ නායකත්වය යටතේ 55 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ආර්.කේ.එන්.සී ජයවර්ධන ආර්එස්පී එන්ඩීසී ගේ මගපෙන්වීම මත කිලිනොච්චියේ පුනරින් ජයපුරම් පාසලේදී 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණයක් 2024 අගෝස්තු මස 10 දින පවත්වන ලදී. 552 පාබල බලසේනාවේ බලසේනාධිපති කර්නල් සී.ඩී වෙලගෙදර යූඑස්පී අයිජී අධීක්ෂණය යටතේ පැවැත්වූ මෙම වැඩසටහන සඳහා 22 විජයබාහු පාබල රෙජිමේන්තුව සහ 2 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුව විසින් සහය දක්වන ලදී.
5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණයට සහභාගීවු දරුදැරියන් 251 දෙනෙකු සඳහා අත්‍යාවශ්‍ය පාසල් උපකරණ පරිත්‍යාග කිරීම ‘Sa Ceylon’ හිමිකාරිනී ශර්මිකා කුවේජු මහත්මියගේ මූල්‍ය පරිත්‍යාගය සිදුකරන ලදී. මෙම සම්මන්ත්‍රණ අවසානයේදී සෑම දරුදැරියෙකුටම පෝෂණීය ආහාර සංග්‍රහයක්ද හිමිවිය.
මෙම වැඩසටහන සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසු නිලයන්, පාසල් කාර්ය මණ්ඩලය සහ දෙමාපියන්ද සහභාගී වූහ