22nd March 2023 09:04:20 Hours
යුද්ධ හමුදා භටපිරිස් අතර සුහඳත්වය, කණ්ඩායම් හැගීම හා පුද්ගලික සම්බන්ධතා වැඩිදියුණු කිරීමේ අරමුණින් ආරක්ෂක සේනා මූලස්ථානය - යාපනය, සංවිධානය කරන ලද වොලිබෝල් තරඟාවලියේ අවසන් තරඟයන් සඳුදා (20) දින එම මූලස්ථාන ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී පැවැත්විණි. ඒ සඳහා ආරක්ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත බලසේනා සහ ඒකකයන් නියෝජනය කරමින් වොලිබෝල් කණ්ඩායම්වල ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගී වූහ. ආරක්ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් ස්වර්ණ බෝතොටගේ උපදෙස් මත පැවැත්වූ මෙම වොලිබෝල් තරඟාවලිය සඳහා කණ්ඩායම් 21 ක් තරඟ කරන ලද අතර, අවසන් මහා තරඟය සඳහා 4 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකාය සහ 10 වන කාරක ශ්‍රී ලංකා ඉංජිනේරු බලකාය සුදුසුකම් ලැබූහ.
එම තරඟයේ ශූරතාවය දිනාගැනීමට 4 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ වොලිබෝල් කණ්ඩායම සමත්විය. එමෙන්ම, කාන්තා අංශයේ ශූරතාවය 7 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ වොලිබෝල් කණ්ඩායමටත්, අනුශූරතාවය 6 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා සංඥා බලකා කණ්ඩායමටත් හිමිවිය. මෙම තරඟාවලියේ සහතිකපත් ප්රදානෝත්සවය සඳහා මේජර් ජෙනරල් ස්වර්ණ බෝතොට ඇතුළු යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගි වූහ.